Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තේරීම් කමිටුවෙන් අස්වෙන්නේ නෑ - ගුරුසිංහ

තේරීම් කමිටුවෙන් අස්වෙන්නේ නෑ - ගුරුසිංහ

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමේ කිසිඳු අදහසක් නැතැයි එහි සාමාජික අසංක ගුරුසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඔහු වැඩි දුරටත් පවසන්නේ ක්‍රිකට් තේරීම් කමිටුවෙන් හෝ ක්‍රිකට් කළමනාකරු ධූරයෙන් ඉල්ලා අස්වීමට තමන් කිසිඳු පාර්ශවයක් සමඟ සාකච්ඡා නොකළ බවයි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.  

“මම තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට පැතිර යන සියලු ප්‍රචාර බැහැර කරනවා. මම ඒ පිළිබඳව කියනවා නම් ඉල්ලා අස්වීමේ කිසිඳු සූදානමක් නෑ. ඒ වගේම ක්‍රිකට් කළමනාකරු හෝ තේරීම් කමිටුවෙන් ඉවත්වීමට කිසිම කෙනෙක් සමඟ සාකච්ඡා කළෙත් නෑ”

“මා ඉල්ලා අස්වන බවට පැතිර ගිය ආරංචි සම්පූර්ණයේම අසත්‍ය ඒවා. ඒ මගින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ ධෛර්ය පහත හෙලීමට ලක් වෙනවා. අනුමාන වාර්තා පළ නොකරන ලෙස මම සියලුම මාධ්‍යවේදී මිතුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද එවැනි දේවලින් අපේ තරුණ කණ්ඩායමට හානියක් විය හැකියි”

“මම සියලුම ක්‍රිකට් ලෝලීන්ට ආරාධනා කරනවා ලෝක ක්‍රිකට් පිටියේ අපිට හිමි ස්ථානයට එන්න සහයෝගය දක්වන්න කියලා” යැයි ගුරුසිංහ මහතා නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

 

- 048


අදහස් (0)

තේරීම් කමිටුවෙන් අස්වෙන්නේ නෑ - ගුරුසිංහ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.