තීරණය ජූලි මාසයෙන් මෙපිට ගැනෙන්නේ නෑ
23 වැනිදා (රොයිටර්)
මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියත් කල්දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජූලි මාසයෙන් මෙපිට සිදු නොවන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ඬේවිඞ් වයිට් මහතා කියයි.
මේ වන විට සමස්ත ක්‍රීඩා ලෝකයම එකතැන නතර වී ඇත්තේ මහජනයා එක්රැස්කෙරෙන උත්සව හෝ තරග අත්හිටුවා තිබීමත් ලෝකයේ සෑම තැනකම පාහේ ක්‍රියාත්මක වන සංචරණ සීමා තිබීමත් හේතුවෙනි. කොරෝනා වසංගතයේ පැතිරීම හේතුවෙන් ලෝකය පුරා ක්‍රීඩා තරගාවලි දිගින් දිගටම කල් දැමෙමින් පවතින අතර කිසිම තරගාවලියක ආරම්භයක් පෙනෙන තෙක් මානයක නැත.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝබර් මස 18 වැනිදා ඕස්ටේ්‍රලියාවේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය නිල වශයෙන් ආරම්භ කරමින් පැවැත්වෙන පළමු වැනි සුදුසුකම් තේරීමේ තරගය සඳහා ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය තරග කාලසටහනට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ලෝකය පුරාම ක්‍රිකට් තරගාවලි රැසක් කල්දැමීමට සිදුව තිබෙන අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඒ සම්බන්ධයෙන් ඊයේ (23 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටියේය. කොරෝනා වසංගතය යම්තාක් දුරට සමනය වූවායින් පසුව, නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා අතරට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියද ඇතුළත් විය හැකිය. එහෙත් ඬේවිඞ් වයිට් මහතා අවධාරණයෙන් කියා සිටින්නේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජූලි මාසයෙන් මෙපිට නොකෙරෙන බවයි.
“ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියානු රජය සමග ඉතාමත් සමීපව කටයුතු කරනවා. සැලසුම් කළ ආකාරයටම ඔක්තෝබර් - නොවැම්බර් මාස වලදී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම තමයි ඔවුන්ගේ අදහස” යයි ඬේවිඞ් වයිට් මහතා පැවසීය.
ශාන්තිකර කලාපයේ දැවැන්ත මාධ්‍ය ආයතයක් වන ෆෙයාර් ෆැක්ස් මාධ්‍ය ආයතනය කියා සිටියේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ පෙබරවාරි දක්වා කල්දැමීමට ඕස්ටේ්‍රලියාව පිඹුරුපත් සකස් කරමින් සිටින බවයි. එය විකල්පයක් ලෙස යොදාගැනීමේ සූදානමක් බවද ඔව්හු පවසා සිටියහ.
මේ අතර ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබට්ස් මහතා පවසා සිටියේ ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මාසයේදී පැවැත්වීම සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය තවමත් බලාපොරොත්තු සහගතව සිටින බවයි. එසේ කීවද ඕස්ටේ්‍රලියාවේ අන්තර්ජාතික තරග සැලැස්ම තවමත් අවිනිශ්චිත තත්ත්වයක තිබෙන බවත් ඔහු කීවේය.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මාසයට කල්දමනු ලැබුවහොත් එය කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය මත වැටෙයි. කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මාසයේ නවසීලන්තයේදී පැවැත්වෙනු ඇත.
ඬේවිඞ් වයිට් මහතා ඉතාම පැහැදිළිව කියා සිටියේ කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ දින වෙනස් කිරීම කිසිසේත්ම න්‍යාය පත්‍රයට ඇතුළත් නොවන බවයි.
ලබන ජූනි මාසයට යොදාගෙන තිබූ නවසීලන්ත පිලේ නෙදර්ලන්ත සංචාරය අවලංගුකර දමා ඇති අතර පසුව සහභාගි වීමට නියමිත එංගලන්තයේ සහ බටහිර ඉන්දීය දූපත් වෙත තිබූ සංචාර දෙකද ඉතාමත්ම සැකසහිත බවද ඬේවිඞ් වයිට් මහතා පැවසීය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නෙදර්ලන්තය සැප්තැම්බර් 1 වැනිදා දක්වා සියලුම ප්‍රසිද්ධ රැස්වීම් තහනම් කර තිබේ. ක්‍රීඩා තරග මෙන්ම සංගීත සංදර්ශන පැවැත්වීමද ඊට ඇතුළත්ය.
- 213