
(රොෂාන් ගුණරත්න)
අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (27 වැනිදා) පැවැති තරග වලදී ජයග‍්‍රහණ වාර්තා කිරීමට ද්‍රවිඩ සංගමය, යුද හමුදාව, ඒස් කැපිටල්, කළුතර නාගරික, පොලිස්, සී.සී.සී, කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් යන කණ්ඩායම් සමත්වූහ.
කුරුණෑගල යොවුන් සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම් අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී ද, බ්ලූම්ෆීල්ඕ සහ පානදුර කණ්ඩායම් අතර තරගය බ්ලූම්ෆීල්ඕ ක‍්‍රීඩාංගණයේදී සහ මූවර්ස් සහ ලන්කන් කණ්ඩායම් අතර තරගය මූවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණද පෙරදින ඇති වූ වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට තරම් යහපත් තත්වයක් ක‍්‍රීඩාංගණය තුල නොතිබීම හේතුවෙන් එම තරග අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
ගුවන් හමුදා පිලට එරෙහිව පැවැති තරගයකදී යුද හමුදා පිලේ නායක තිසර පෙරේරා පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් රැුස්කරමින් යුදහමුදා පිල ජයග‍්‍රහණය කරා රැුගෙන යාමට සමත්විය. එම කණ්ඩායමේම අශාන් රන්දික (57) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්විය.
ඊට අමතරව ඒස් කැපිටල් පිලේ උමේෂ් කරුණාරත්න, සෙබස්තිනයිට්ස් පිලේ අදීෂ නානායක්කාර, ද්‍රවිඩ සංගම් පිලේ කමේෂ් නිර්මාල්, එස්.එස්.සී පිලේ ක‍්‍රිෂාන් සංජුල, පොලිස් පිලේ මදුරංග සොයිසා, සී.සී.සී පිලේ සොනාල් දිනූෂ සහ පවන් රත්නායක, හලාවත මේරියන්ස් පිලේ රොමේෂ් බුද්ධික අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.
ඒස් කැපිටල් පිලේ චානක කොමසාරූ කඩුලූ 6 ක් ද, කළුතර නාගරික පිලේ ශෙනාල් ද සිල්වා කඩුලූ 5 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
යුද හමුදා පිලට කඩුලූ 7 ක ජයක්
යුද හමුදාව සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක‍්‍රීඩාංගණයේදී
ගුවන් හමුදාව - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 140
(දිල්හාන් කුරේ 35, අසන්ත සිංගප්පුලි නොදැවී 41, මොවින් සුබසිංහ 28, අයන් චන්ද්‍රබෝස් 23/2, හේෂාන් හෙට්ටිආරච්චි 32/2)
යුද හමුදාව - ඕවර 21 කදී කඩුලූ 3 ක් දැවී 141
(අශාන් රන්දික 57, තිසර පෙරේරා නොදැවී 60, ලස`ද රුක්මාල් 32/2)
ඒස් කැපිටල් පිලට ලකුණු 123 ක ජයක්
බදුරලිය සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී
ඒස් කැපිටල් - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 243
(තනුක දාබරේ 34, උමේෂ් කරුණාරත්න නොදැවී 81, සංජික රිද්ම 31, ජනක් ප‍්‍රකාශ් 34, බුද්ධික සංජීව 71/3, අලංකාර අසංක 45/2)
බදුරලිය - ඕවර 29.1 කදී සියලූදෙනා දැවී 120
(රනේෂ් පෙරේරා 31, ජීවන් මෙන්ඩිස් 32, චානක කොමසාරූ 14/6, ජනක් ප‍්‍රකාශ් 20/3)
ද්‍රවිඩ සංගමයට ලකුණු 2 ක ජයක් (ඩක්වක් ලූවිස්)
ද්‍රවිඩ සංගමය සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් - ඕවර 42.5 කදී සියලූදෙනා දැවී 186
(සාචා ද අල්විස් 22, අදීෂ නානායක්කාර 55, මනෝ්ජ් සරත්චන්ද්‍ර 30, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 36, ජෙෆ්රි වැන්ඩර්සේ 43/3, නවෝද් පරණවිතාන 26/2, ප‍්‍රමෝද් මදුශාන් 28/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 37 කදී කඩුලූ 4 ක් දැවී 149
(දමිත් පෙරේරා 45, කමේෂ් නිර්මාල් 57, රවි`දු ප‍්‍රනාන්දු නොදැවී 25, තරි`දු රත්නායක 26/2)
කළුතර නාගරික පිලට කඩුලූ 2 ක ජයක්
නාවික හමුදාව සහ කළුතර නාගරික කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදීි
නාවික හමුදාව - ඕවර 42.4 කදී සියලූදෙනා දැවී 160
(මදුර මදුශංක නොදැවී 36, අනුක් ප‍්‍රනාන්දු 33, අරවින්ද අකුරුගොඩ 24, ශලිත් ප‍්‍රනාන්දු 20, ශෙනාල් ද සිල්වා 41/5, අසංක මනෝජ් 23/3)
කළුතර නාගරික - ඕවර 41.2 කදී කඩුලූ 8 ක් දැවී 164
(ඉන්ශක සිරිවර්ධන නොදැවී 31, විශාර ප‍්‍රනාන්දු 28, ශෙනාල් ද සිල්වා 28, රුචිර මුණසිංහ 20, අනුක් ප‍්‍රනාන්දු 38/3, අරවින්ද අකුරුගොඩ 23/2)
පොලිස් පිලට ලකුණු 15 ක ජයක් (ඩක්වත් ලූවිස්)
එස්.එස්.සී සහ පොලිස් කණ්ඩායම අතර එන්.සී.සී ක‍්‍රීඩාංගණයේදී
එස්.එස්.සී - ඕවර 36 කදී කඩුලූ 7 ක් දැවී 190
(ක‍්‍රිෂාන් සංජුල 76, ළහිරු අත්තනායක 25, රොෂේන් සිල්වා 22, කවි`දු නදීෂාන් නොදැවී 21, නලීන් ප‍්‍රියදර්ශන 27/2)
පොලිස් - ඕවර 25.1 කදී කඩුලූ 4 ක් දැවී 137
(තිලකරත්න සම්පත් 22, මදුරංග සොයිසා 55, කිත්රුවන් විතානගේ නොදැවී 32)
සී.සී.සී පිලට ලකුණු 76 ක ජයක්
සී.සී.සී සහ බී.ආර්.සී කණ්ඩායම් අතර සී.සී.සී ක‍්‍රීඩාංගණයේදී
සී.සී.සී - ඕවර 47 කදී කඩුලූ 7 ක් දැවී 230
(රොන් චන්ද්‍රගුප්ත 20, සොනාල් දිනූෂ නොදැවී 93, පවන් රත්නායක 53, චමි`දු විජේසිංහ 22, මලි`දු ශෙහාන් 26/2, තිලාන් තුෂාර 62/2)
බී.ආර්.සී - ඕවර 38.2 කදී සියලූදෙනා දැවී 154
(ඩෑන් මෝවුස්ලි 20, ශෂීන් ප‍්‍රනාන්දු 35, රමින්ද විජේසූරිය 28, ළහිරු ගමගේ 25/2, මාලින්ද පුෂ්පකුමාර 30/2, එස්.මෙන්ඩිස් 16/2, චමින්ද විජේසිංහ 18/2)
කෝල්ට්ස් පිලට ලකුණු 17 ක ජයක් (ඩක්වත් ලූවිස්)
කෝල්ට්ස් සහ ගාල්ල කණ්ඩායම් අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් - ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 226
(සංගීත් කුරේ 45, හෂාන් දුමිඳු 23, ඇන්ජලෝ පෙරේරා 45, ජෙහාන් ඩැනියෙල් 36, විශාද් රන්දික නොදැවී 28, රජිත් ප‍්‍රියාන් 40/2)
ගාල්ල - ඕවර 47 කදී කඩුලූ 7 ක් දැවී 189
(දිල්ශාන් කාංචන 36, චානක රුවන්සිරි 35, දුලාෂ් උදයංග නොදැවී 36, රජිත් ප‍්‍රියාන් නොදැවී 25, කවිෂ්ක අංජුල 37/4)
මේරියන්ස් පිලට ලකුණු 149 ත ජයක්
සැරසන්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක‍්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 289
(රොමේෂ් බුද්ධික 54, ජේ පාන්ඬේ 39, අමීර් සීෂාන් 39, විශ්ව චතුරංග 30, චාරුක තරිඳු නොදැවී 29, තික්ෂිල ද සිල්වා 28, කසුන් විදුර 20, ප‍්‍රවීන් සඳමාල් 28/2, සඳුන් මෙන්ඩිස් 49/2, මොහොමඞ් දිල්ෂාඞ් 55/2)
සැරසන්ස් - ඕවර 43.1 කදී සියලූදෙනා දැවී 140
(නිපුන් කරුණානායක 28, ප‍්‍රවීන් සඳමාල් 27, පසිඳු ඉෂාන් 23, දසුන් සෙනෙවිරත්න 13/2, ශෙෂාන් සිල්වා 20/2, තික්ෂිල ද සිල්වා 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.