Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා සිට...)
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේදී මෙතෙක් සහභාගි වූ තරග දෙකේදී පරාජයට පත්ව සිටින ඉන්දියාව, අනිද්දා (3 වැනිදා) ඇෆ්ඝනිස්තානය හමුවේද පරාජයට පත්වුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇත. ඉන්දීය පිල මේ වන විට පාකිස්තානය හමුවේ කඩුලු 10 කින්ද, නවසීලන්තය හමුවේ කඩුලු 8 කින්ද පරාජය වී සිටී.
ඉන්දියාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ඇෆ්ඝනිස්තාන තරගය මෙන්ම මෙම මස 5 වැනිදා සහ 8 වැනිදා පැවැත්වෙන තරගවලදී පිළිවෙලින් ස්කොට්ලන්තය සහ නැමීබියාව පරාජය කිරීමට සිදුවනු ඇත. එපමණක් නොව නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය තරග 2 කට වැඩියෙන් පරාජය වන තෙක්ද ඉන්දියාවට බලා සිටීමට සිදුවනු ඇත.
මෙතෙක් පැවැති තරග දෙකේදී ඉන්දීයාව වෙනුවෙන් අර්ධ ශතකයක් (පාකිස්තානයට එරෙහිව 57) ලබාගැනීමට සමත් වූ එකම ක්‍රීඩකයා විරාට් කෝලිය. ඔහු හැරුණු කොට තරග දෙකෙන් එකකදී හෝ ලකුණු 30 සීමාව පසුකර යෑමට සමත් වූයේ රිෂාබ් පාන්ට් (39) පමණි. අයි.පී.එල්. අත්දැකීම් බහුල ඉන්දීය පන්දු යවන්නන්ට එම තරග දෙකේදීම දවාගත හැකි වූයේ කඩුලු 2 ක් පමණි.
මෙතෙක් සහභාගි වූ තරගවලදී ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 5 කින්ද, එංගලන්තය හමුවේ කඩුලු 8 කින්ද, බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 3 කින්ද පරාජයට පත් වූ බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබා තරගාවලියෙන් ඉවත් වූ පළමු කණ්ඩායම බවට පත් විය.
පළමු කාණ්ඩයේ කණ්ඩායම් වන බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකාවද, දෙවැනි කාණ්ඩයේ කණ්ඩායමක් වන ස්කොට්ලන්තයද තරග 2 බැගින් පරාජයට පත්වී තරගාවලියෙන් ඉවත්වීමේ අවදානමකට ලක්ව සිටිති. තවත් එක් තරගයක් හෝ පරාජයට පත්වුවහොත් ඉන්දියාවට මෙන්ම එම කණ්ඩායම් 3 ටද තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.