Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 24 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගය ඕවර 45 කට සිමාවූ අතර ටිතිර වීරසිංහ (66) සහ ජයවිහාන් මහවිතාන (53) අර්ධ ශතක ලබාගනිමින් තර්ස්ටන් විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නවීන් ප්‍රනාන්දු ලකුණු 43 කට කඩුලු 4 ක් දවාගනිමින් මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
තර්ස්ටන් විදුහල - ඕවර 45 කදී කඩුලු 9 ක් දැවී 189
(ටිතිර වීරසිංහ 66, ජයවිහාන් මහවිතාන 53, නවීන් ප්‍රනාන්දු 43/4, තිළිණ පෙරේරා 26/2)
මාරිස්ටෙලා විදුහල - ඕවර 37 කදී කඩුලු 8 ක් දැවී 147
(කෙවින් පෙරේරා 41, නවීන් ප්‍රනාන්දු 30, චතුර අනුරාධ 21, සඳරු ඩයස් 17/2, ශාලුක බණ්ඩාර 18/2, ජයවිහාන් මහවිතාන 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.