Last Update  :  2026-01-26 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරගවාරයේ පළමු ද්විත්ව ශතකය ධර්මාශෝකයේ චන්දූපගෙන්
19 න් පහළ ක්‍රිකට්

තරගවාරයේ පළමු ද්විත්ව ශතකය ධර්මාශෝකයේ චන්දූපගෙන්

editorial - 2026 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ පළමු ද්විත්ව ශතකලාභියා බවට පත්වීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චන්දුප කවිෂ සමත්විය. තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

අඹේපුස්ස සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආරම්භක පිතිකරු චන්දුප කවිෂ, මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව හතරේ පහර 17 ක් සහ හයේ පහර 5 ක් සමඟින් ලකුණු 203ක් රැස් කළේය.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ විදුසර ගනේගොඩ ඉනිම දෙකේදීම අර්ධ ශතක ලබාගත් අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ නිමේෂ සිල්වා ලකුණු 105කට කඩුලු 6ක් දවාලීය.

 

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය - පළමු ඉනිම  127 යි
(විදුසර ගනේගොඩ 66, ඉෂික ප්‍රමෝද් 25, චන්දුප කවිෂ 08/3, ජිතිර සංසික 30/3, ඔමේග කරුණාරත්න 15/2)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 8 ට 273 යි
(චන්දුප කවිෂ 203, ඔමේග කරුණාරත්න 27, කවීෂ මතීෂ් 20, නිමේෂ සිල්වා 105/6)

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය - දෙවැනි ඉනිම - කඩුලු 1 ට 81 යි

 

චන්දුප කවිෂ


අදහස් (0)

තරගවාරයේ පළමු ද්විත්ව ශතකය ධර්මාශෝකයේ චන්දූපගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.