Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරග තීරක මඩුගල්ලේ

තරග තීරක මඩුගල්ලේ

editorial - 2021 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන 21 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ තීරකවරයා වශයෙන් රන්ජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. මඩුගල්ලේ මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තීරක මඬුල්ලේ ප්‍රධානියා වන අතර මේ වන විට ලෝ පුරා පවතින කොවිඩ් -19   සීමා හේතුවෙන් ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලියේ තීරකවරයා ලෙසින් කටයුතු කරයි.

පසුගිය ජනවාරියේදී පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේදීත් තීරකවරයා ලෙසින් කටයුතු කළේ මඩුගල්ලේ මහතාය.

ටෙස්ට් තරග දෙකේදීම ප්‍රධාන විනිසුරුවන් ලෙසින් කුමාර ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ යන මහත්වරු කටයුතු කරති. තරග දෙකේදීම රූපවාහිනී විනිසුරුවරයා වශයෙන් රවීන්ද්‍ර විමලසිරි මහතා කටයුතු කරන අතර ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරු සිව්වැනි විනිසුරු ලෙසත්, අතිරේක විනිසුරුවරයා ලෙසත් කටයුතු කරති. අතිරේක තරග තීරකවරයකු ලෙසින් ග්‍රැහැම් ලැබ්රෝයි මහතා නම්කරනු ලැබ සිටී.

- 213

 


අදහස් (0)

තරග තීරක මඩුගල්ලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.