Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වූ අද (22 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය සහ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය එලෙස අත්හැර දැමූ තරග දෙක විය.
පවතින වැසි බර කාලගුණය හේතුවෙන් හෙට දිනයේදී (23 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙක අනිද්දාට (24 වැනිදා) කල් දැමීමටද තරග සංවිධායකයෝ පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට දිනය විවේක දිනයක් ලෙසද නම් කර තිබේ.
තරගාවලියේ නව කාලසටහන
ඔක්තෝබර් 23 - විවේක දිනයකි.
ඔක්තෝබර් 24 - ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් 24 - පාකිස්තානය සහ බංග්ලාදේශය අතර කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් 25 - ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් 25 - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් 26 - විවේක දිනයකි.
ඔක්තෝබර් 27 - අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.