රත්නපුර ශාන්ත ඇලවීෂියස් සහ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය විදුහල් අතර කෝට්ටේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 79 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද ශ්‍රාස්ත්‍රාල ක්‍රීඩකයෝ සමත් වූහ.
ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ තිමිර මල්ෂාන් ලකුණු 86 ක් රැස්කරමින් සහ ලකුණු 7 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත ඇලවීෂියස් විදුහලේ රාජිත නිර්මාල් ලකුණු 63 කට කඩුලු 8 ක් දවාගත්තේය.
ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 21.2 කදී සියලු දෙනා දැවී 27
(තිමිර මල්ෂාන් 07/5, රන්දික පෙරේරා 06/3)
ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පළමු ඉනිම - ඕවර 50.4 කදී කඩුලු 9 ක් දැවී 229
(උදාර භාග්‍ය 56, තිමිර මල්ෂාන් 86, රාජිත නිර්මාල් 63/8)
ශාන්ත ඇලවීෂියස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 123
(තාරුක රෝෂන 28, මොහොමඞ් රිෂාඞ් 22, චමිත් උදුනුල්ල 21, බිම්සර අවිනාෂ් 45/5, අවින්ද ජයසේකර 17/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.