Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 17 න් පහළ ‘සිංගර් කුසලන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉකුත් වසරේ අනුශූරයන් වූ මහනුවර ති‍්‍රත්ව විදුහල සමත් විය.

මහනුවර, අස්ගිරියේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විදුහල කඩුලූ 8 කින් පරාජය කරමින් ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 74 ක පහසු ඉලක්කය  ඕවර 11.5 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී සම්පූර්ණ කිරීමට ති‍්‍රත්ව විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් කෝට්ටේ ජනාධිපති විදුහලට  ඕවර 16.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 73 ක් පමණි.

මෙම තරගායේදී ලකුණු 9 කට කඩුලූ 4 ක් දවාගනිමින් සහ ලකුණු 38 ක් රැස්කරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට මහනුවර ති‍්‍රත්ව විදුහලේ ශන්මුගනාතන් ශනෝගීත් සමත් විය.


කෝට්ටේ ජනාධිපති විදුහල - ඕවර 16.3 කදී සියලූ දෙනා දැවී 73
(රිෆාස් මොහොමඞ් නොදැවී 15, දිල්ෂාන් සිගේරා 14, ශන්මුගනාතන් ශනෝගීත් 9/4, රශ්මික දිල්ෂාන් 26/3, හසිත බෝයගොඩ 16/2)

ති‍්‍රත්ව විදුහල -  ඕවර 11.5 කදී කඩුලූ 5 ක් දැවී 74
(ශන්මුගනාතන් ශනෝගීත් 38, හසින්ත ජයසූරිය 19, චමෝද් වික‍්‍රමසූරිය 34/4)


අදහස් (0)

ති‍්‍රත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.