වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත වූ එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාගංණයේදී අද (06) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් කඩුලූ 2 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ 3-0 ක් ලෙස තරගාවලිය ජය ලැබීමට සමත් වූහ.
යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම රට වන ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් පිල ලැබූ මෙම ජය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන 10 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලිය ස`දහා අනගි උත්පේ‍්‍රරකයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 203 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49.2 කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කළහ.
ශ්‍රී ලංකා පිල ලකුණු 88 කට කඩුලූ 5 ක් දැවී අසීරු තත්ත්වයකට වැටී සිටියදී තිලක්‍ෂ සුමනසිරි (50) සහ හර්ෂ රාජපක්‍ෂ (36) හයවැනි කඩුල්ල සදහා ලකුණු 61 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට මග පැ¥හ.
පළමු තරග දෙකටම කී‍්‍රඩා කළ නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් කී‍්‍රඩා නොකළ හෙයින් මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් ලබා ගනිමින් කී‍්‍රඩා කළ තිලක්‍ෂ සුමනසිරි පන්දු 78 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් රැුස්කිරීමට සමත් විය.
තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස සංචිතයට එකතු වී සිටින හර්ෂ රාජපක්‍ෂ පන්දු 47 කදී හතරේ සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 36 ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු ඉනිම ලකුණු 202 කට සීමා කිරීමට පූරෝගාමියා බවට පත්වෙමින් වමතින් වේග පන්දු යවන අනුක් ප‍්‍රනාන්දු ලකුණු 55 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය. පිත්තෙන් ද දස්කම් දැක්වූ අනුක් හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 25 ක් ද රැස් කළේය.
කෙසේ වෙතත් වයස 19 න් පහළ සංචාර තුනකට සහභාගි වූ කැලණිය ගුරුකුල විදුහලේ දක්‍ෂ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන රොෂාන් අනුරුද්ධට සහ කොළඹ රාජකීය විදුහලේ තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්න යන ක‍්‍රීඩකයනට ස්ථාන අහිමි කරමින් ලෝක කුසලාන සංචිතයට උඩින් පාත්වූ හෂේන් රාමනායක තරග තුනේදීම අසාර්ථක වීම කැපී පෙනුණි.
හෂේන් අංක 5 පිතිකරු ලෙස පන්දුවට පහර දෙමින් තරග තුනේදී ලකුණු 23 ක් (11,11,01) පමණක් රැුස්කළ අතර තරග තුනේදී ඕවර 6 ක් පමණක් යවමින් කඩුලූ දවා ගැනීමට අපොහොසත් විය. මෙම ක‍්‍රීඩකයා සංචිතයට ඇතුළත් වූයේ කුමන භූමිකාවක් සදහා ද, කාගේ උවමනාවට, කෙසේ ද යන ප‍්‍රශ්නය මේ වන විටත් පාසල් ක‍්‍රිකට් කී‍්‍රඩාව පිළිබපඳ වැටහීමක් ඇත්තෝ ප‍්‍රශ්න කරති.
ලකුණු පුවරුව
ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල
මැතිව් ෂොර්ට් - ක. මූ. කළා ප. ලක්‍ෂාන් ජයසිංම 25
කෙල්වින් ස්මිත් - ඇ. සදීර සමරවික‍්‍රම ප. අනුක් ප‍්‍රනාන්දු 22
ජරොන් මොර්ගන් - ඇ. හෂාන් විමර්ශන ප. ලක්‍ෂාන් ජයසිංහ 31
සියන් විලිස් - ඇ. සදීර සමරවික‍්‍රම ප. අනුක් ප‍්‍රනාන්දු 46
ජැක් ඩොරන් - ප. ප‍්‍රියමාල් පෙරේරා 0
ඩමින් මොර්ටිමර් - දුවද්දී දැවී ගියා 1
ඇලෙක්ස් ග්‍රෙගරි - ක. මූ. කළා ප. හෂාන් විමර්ශන 50
ජේම්ස් බෂ්ලි - ඇ. සහ ප. අනුක් ප‍්‍රනාන්දු 0
තෝමස් ඇන්ඩෘ - ඇ. හර්ෂ රාජපක්‍ෂ ප. රමේෂ් මෙන්ඩිස් 12
ගයි වෙල්කර් - ඇ. ලක්‍ෂාන් ජයසිංහ ප. අනුක් ප‍්‍රනාන්දු 7
මැතිව් ෆෝටි - නොදැවී 3
අතිරේක 5
එකතුව ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 202
කඩුලූ වැටීම:
1-43(මැතිව් ෂොර්ට්), 2-52(කෙල්වින් ස්මිත්), 3-93(ජරොන් මොර්ගන්), 4-96(ජැක් ඩොරන්), 5-102(ඩමින් මොර්ටිමර්), 6-154(සියන් විලිස්), 7-154(ජේම්ස් බෂ්ලි), 8-184(තෝමස් ඇන්ඩෘ), 9-198(ඇලෙක්ස් ග්‍රෙගරි), 10-0202(ගයි වෙල්කර්)
පන්දු යැවීම:
හෂාන් විමර්ශන: 6-1-33-1, හෂාන් රාමනායක: 4-0-15-0, ලක්‍ෂාන් ජයසිංහ: 10-1-29-2, අනුක් ප‍්‍රනාන්දු: 9.4-1-55-4, රමේෂ් මෙන්ඩිස්: 9-0-40-1, ප‍්‍රියමාල් පෙරේරා: 7-1-12-1, හර්ෂ රාජපක්‍ෂ: 4-0-17-0,
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල
හෂාන් දුමිදු - ප. ගයි වෙල්කර් 12
සදීර සමරවික‍්‍රම - ඇ. සියන් විලිස් ප. ගයි වෙල්කර් 11
කවිඳු කුලසේකර - දුවද්දී දැවී ගියා 0
ප‍්‍රියමාල් පෙරේරා - ඇ. සියන් විලිස් ප. මැතිව් ෂොර්ට් 32
හෂේන් රාමනායක - ක. මූ. කළා ප. තෝමස් ඇන්ඩෘ 1
තිලක්‍ෂ සුමනසිරි - ඇ. ජරොන් මොර්ගන් ප. තෝමස් ඇන්ඩෘ 50
හර්ෂ රාජපක්‍ෂ - ඇ. මැතිව් ෂොර්ට් ප. තෝමස් ඇන්ඩෘ 36
අනුක් ප‍්‍රනාන්දු - නොදැවී 25
රමේෂ් මෙන්ඩිස් - ඇ. ජැක් ඩොරන් ප. මැතිව් ෆෝටි 22
ලක්‍ෂාන් ජයසිංහ -නොදැවී 2
අතිරේක 13
එකතුව ඕවර 49.2 කදී කඩුලූ 8 ක් දැවී 204
පන්දුවට පහර නොදුන් පිතිකරු: හෂාන් විමර්ශන
කඩුලූ වැටීම:
1-24(හෂාන් දුමිඳු), 2-24(කවිඳු කුලසේකර), 3-31(සදීර සමරවික‍්‍රම), 4-41(හෂේන් රාමනායක), 5-88(ප‍්‍රියමාල් පෙරේරා), 6-149(හර්ෂ රාජපක්‍ෂ), 7-159(තිලක්‍ෂ සුමනසිරි), 8-193(රමේෂ් මෙන්ඩිස්)
පන්දු යැවීම:
මැතිව් ෆෝටි: 10-1-49-1, ගයි වෙල්කර්: 7-0-31-2, තෝමස් ඇන්ඩෘ: 10-1-28-3, ජේම්ස් බෂ්ලි: 7.2-0-40-0, මැතිව් ෂොර්ට්: 10-1-34-1, ඩමින් මොර්ටිමර්: 3-0-13-0, කෙල්වින් ස්මිත්: 2-0-4-0
ඡායාරූපය : ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.