Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුයින්ටන් ඩි‘කොක්ගේ (නොදැවී 70) වේගවත් පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලිහිදී අද (29 වැනිදා) 24 වැනි තරගයේදි රාජස්තාන් රෝයල්ස් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.
කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා රාජස්තාන් රෝයල්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 171 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.
මුල්පෙළ පිතිකරුවන්වූ සංජු සැම්සන් ලකුණු 42 ක්, ජොස් බට්ලර් ලකුණු 41 ක්, ශිවම් ඩූබේ ලකුණු 35 ක් සහ යසස්වී ජයිස්වාල් ලකුණු 32 ක් රැස්කරමින් රාජස්තාන් රෝයල්ස් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 18.3 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
ආරම්භක පිතිකරු කුයින්ටන් ඩි‘කොක් පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු නොදැවී ලකුණු 70 ක් ලබාගනිමින් මුම්බායි පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. කෘනාල් පාන්ඩ්‍යා පන්දු 26 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 39 ක් ලබාගනිමින් ජයග්‍රහණයට දායක විය.
රාජස්තාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 171
(ජොස් බට්ලර් 41, යසස්වී ජයිස්වාල් 32, සංජු සැම්සන් 42, ශිවම් ඩූබේ 35, රාහුල් චාහර් 33/2)
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 18.3 කදී කඩුලු 3 ක් දැවී 172
(කුයින්ටන් ඩි‘කොක් නොදැවී 70, කෘනාල් පාන්ඩ්‍යා 39, ක්‍රිස් මොරිස් 33/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.