Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිල්ෂාන් - මුරලි - සචින් යළිත් පිටියට

ඩිල්ෂාන් - මුරලි - සචින් යළිත් පිටියට

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විස්සයි20 තරගාවලියක් වන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලිය මේ මස 7 වැනිදා සිට 22 වැනිදා දක්වා මුම්බායි සහ පූනේහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පළමු තරගාවලිය සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් වල සිටි විශිෂ්ටතම ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 5 ක් සහභාගි වෙති.

මෙම තරගාවලිය සඳහා ක්‍රිකට් පිටියේ හිටපු දැවැන්තයින් වන සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර සෙවාග්, බ්‍රයන් ලාරා, ශිව්නරින් චන්ද්‍රපෝල්, බ්‍රෙට් ලී, ජොන්ටි රෝඞ්ස්, මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු විශ්‍රාමික ක්‍රිඩයින් රැසක් සහභාගි වෙති.

ලොවපුරා දේශීය විස්සයි20 ලීග් තරගාවලි පවතින ආකාරයට ෆ්‍රැන්චයිස් ආකෘතිය මත පදනම්ව මෙම තරගාවලිය පැවැත්වෙන අතර පළමු තරගාවලිය ටෙස්ට් ක්‍රීඩා කරන රටවලට පමණක් සීමාකර ඇත.

මෙම තරගාවලිය ප්‍රවර්ධනය කරන සංවිධායකයින් අතර වෘත්තීය කළමණාකරන කණ්ඩායම සහ ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්ත රජයේ මාර්ග ආරක්ෂණ අංශයද සිටි. අතර ඔවුන්ගේ සැලැස්ම වන්නේ මෙම තරගාවලිය ඉන්දියාව පුරා වසර 10 ක පමණ කාලයක් පැවැත්වීමටයි.

ක්‍රීඩකයින්ගේ ගෙවීම් බලයලත් ආයතන විසින් සිදුකරනු ලබන අතර මෙම තරගාවලියෙන් ලැබෙන ආදායම ඉන්දියාවේ මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කරනු ලබන වැඩසටහන් සඳහා යොදවනු ඇත.

සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියා ලෙජන්ඞ්ස්), තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්), බ්‍රෙට් ලී (ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස්), ජොන්ටි රෝඩ්ස් (දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස්), බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්) ඒ ඒ කණ්ඩායම්හී නායකත්වය දරනු ඇත.

මූලික වටයේදී සියලුම කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් සමගින් තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මේ මස 22 වැනිදා මුම්බායිහී බ්‍රැබෝන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

සියළුම තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7 ට ආරම්භ වේ.

තරග කාල සටහන
මාර්තු 7 - ඉන්දියා ලෙජන්ඞ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් අතර මුම්බායිහිදී
මාර්තු 8 - ඕස්ට්‍රේලියා ලෙජන්ඞ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර මුම්බායිහිදී
මාර්තු 10 - ඉන්දියා ලෙජන්ඞ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර මුම්බායිහිදී
මාර්තු 11 - බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඞ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් අතර මුම්බායිහිදී
මාර්තු 13 - දකුණු අප්‍රිකා ලෙජන්ඞ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර මුම්බායිහිදී
මාර්තු 14 - ඉන්දියා ලෙජන්ඞ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් අතර පූනේහිදී
මාර්තු 16 - ඕස්ට්‍රේලියා ලෙජන්ඞ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් අතර පූනේහිදී
මාර්තු 17 - බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර පූනේහිදී
මාර්තු 19 - ඕස්ට්‍රේලියා ලෙජන්ඞ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් අතර මුම්බායිහිදී
මාර්තු 20 - ඉන්දියා ලෙජන්ඩ්ස් සහ ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් අතර පූනේහිදී
මාර්තු 22 - අවසන් තරගය මුම්බායිහිදී

ඉන්දියා ලෙජන්ඩ්ස් සංචිතය
සචින් තෙන්ඩුල්කාර් (නායක), විරේන්ද්‍ර සෙවාග්, යුවරාජ් සිං, අජිත් අගාකර්, සංජේ බංගර්, මුනාෆ් පතෙල්, මොහොමඞ් කයිෆ්, ප්‍රජියන් ඕජා, සයිරාජ් බහුතුලේ, අබේ කුරුවිලා, සහීර් ඛාන්, ඉර්ෆාන් පතාන්, සමීර් ඩිගී.

දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් සංචිතය
ජොන්ටි රෝඞ්ස් (නායක), හර්ෂල් ගිබ්ස්, ගාර්නට් කෘගර්, ජැක්ස් රුඩොල්ෆ්, ඇන්ඩෘ හෝල්, ඇල්බී මෝකල්, ජොහැන් වැනඩර්වත්, ලාන්ස් ක්ලූස්නර්, මාර්ටින් වැන් ජාර්ස්වර්ල්ඞ්, මෝන් වැන් වයික්, පොල් හැරස්, රොජර් ටෙලිමාකස්, රයන් මැක්ලරන්.

ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් සංචිතය
බ්‍රෙට් ලී (නායක), බ්‍රෙට් ගීවස්, ජේසන් ක්‍රෙජ්සා, මාක් කොස්ග්‍රොව්, නේතන් රීයර්ඩන්, ෂේන් ලී, ට්‍රැවිස් බර්ට්, බෙන් ලාෆින්, බ්‍රැඞ් හොඞ්ජ්, ක්ලින්ට් මැකායි, සේවියර් ඩොහර්ටි.

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සංචිතය
බ්‍රයන් ලාරා (නායක), ඇඩම් සැන්ෆෝර්ඞ්, කාල් හූපර්, ඩැරන් ගංගා, ශිවනරින් චන්ද්‍රපෝල්, රිකාඬේ පවෙල්, රීඞ්ලි ජාකොබ්, සැමුවෙල් බද්‍රී, සුලෙයිමාන් බෙන්, ටිනෝ බෙස්ට්, දීනානාත් රාම්නරින්, පෙඞ්රෝ කොලින්ස්, ඩැන්සා හයිට්.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සංචිතය
තිලකරත්න ඩිල්ෂාන් (නායක), චමින්ද වාස්, ෆර්වීස් මහරූෆ්, මාවන් අතපත්තු, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, රොමේෂ් කළුවිතාරණ, සචිත්‍ර සේනානායක, චාමර කපුගෙදර, තිලාන් තුෂාර, උපුල් චන්දන, මාලින්ද වර්ණපුර.


අදහස් (0)

ඩිල්ෂාන් - මුරලි - සචින් යළිත් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.