Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිල්ෂාන් - තරංග ඒෂියා ලයන්ස් පිල දිනවති
ලෙජන්ඩ්ස් ලීග් විස්සයි-20

ඩිල්ෂාන් - තරංග ඒෂියා ලයන්ස් පිල දිනවති

editorial - 2022 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෙජන්ඩ්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සහ ඒෂියා ලයන්ස් කණ්ඩායම අතර ඊයේ (21 වැනිදා) ඕමානයේ අල් ඇමෙරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඒෂියා ලයන්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 2 කට සහභාගි වී ඇති ඒෂියා ලයන්ස් කණ්ඩායම එහිදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය ඒෂියා ලයන්ස් ක්‍රීඩක‍යෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 16 කදී ලකුණු 40 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ අස්ගර් ඇෆ්ගන් (නොදැවී 14) සහ නායක මිස්බා උල්හක් (නොදැවී 19) ඒෂියා ලයන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් (52) සහ උපුල් තරංග (63) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඒෂියා ලයන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 32 කදී වාර්තා වූ ඩිල්ෂාන්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත වූ අතර පන්දු 43 කදී වාර්තා වූ තරංගගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම කෙවින් ඕ’බ්‍රයන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 205 ක් ලබාගත්තේය. එහිදී අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ බ්‍රයන් පන්දු 46 කින් ලකුණු 95 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. ශතකය පෙනි පෙනී සිටියදී මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් හෆීස් අතට උඩ පන්දුවක් දෙමින් බ්‍රයන් දැවී ගියේය.

ආරම්භක පිතිකරු පිල් මුස්ටාඩ් පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක් රැස්කළ අතර අවසන් ඕවර කිහි‍පයේදී පන්දු 7 කට මුහුණදුන් ඇල්බි මෝකල් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 17 ක් රැස්කළේය. මොහොමඩ් හෆීස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමට පෙර කෝරි ඇන්ඩසන් පන්දු 12 කින් ලකුණු 18 ක් රැස්‍කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර නිලකුණු ඕවරයක් සමග ඕවර 4 ක් යවමින් ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත් අතර මොහොමඩ් හෆීස් ලකුණු 32 කට කඩුලු 2 ක් බිඳහළුවේය. මුරලිදරන්ගේ ඕවර 4 දී ලකුණු 46 ක් රැස්කිරීමට වර්ල්ඩ් ජයන්ට්ස් පිතිකරුවන් සමත් වූ අතර චමින්ද වාස් ඕවර 3 ක් යවමින් ලකුණු 35 කට කෙවින් පීටර්සන්ගේ කඩුල්ල දවාගත්තේය.

 

වර්ල්ඩ් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 205
(කෙවින් පීටර්සන් 14, පිල් මුස්ටාඩ් 28, කෙවින් ඕ’බ්‍රයන් 95, කෝරි ඇන්ඩසන් 18, ඕවයිස් ෂා 14, ඇල්බි මෝකල් නොදැවී 17, නුවන් කුලසේකර 17/2, මොහොමඩ් හෆීස් 32/2)

ඒෂියා ලයන්ස් පිල - ඕවර 19.2 කදී කඩුලු 4 කට 209
(කම්රන් අක්මාල් 14, තිලකරත්න ඩිල්ෂාන් 52, උපුල් තරංග 63, මොහොමඩ් හෆීස් 27, අස්ගර් ඇෆ්ගන් නොදැවී 14, මිස්බා උල්හක් නොදැවී 19, මෝනි මෝකල් 38/2)

-036


අදහස් (0)

ඩිල්ෂාන් - තරංග ඒෂියා ලයන්ස් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.