Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩඩ්ලි සේනානායක - ලලිත් ඇතුළත්මුදලි මහ ක්‍රිකට් තරගය

ඩඩ්ලි සේනානායක - ලලිත් ඇතුළත්මුදලි මහ ක්‍රිකට් තරගය

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ 05 ඩඞ්ලි සේනානායක විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල අතර ඩඞ්ලි සේනානායක අභියෝග කුසලාන වෙනුවෙන් දෙවැනි වරට පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය හෙට (20 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


ඩඞ්ලි සේනානායක විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පී. කේ. ඩිල්ෂාන් යුමේධට හිමිවී ඇති අතර එස්. ඩිල්ෂාන් එම කණ්ඩායමේ උප නායකත්වය දරයි. එරාන් කණිෂ්කගේ නායකත්වයෙන් ලලිත් ඇතුළත්මුදලි විදුහල් කණ්ඩායම තරග බිමට පිවිසෙන අතර මලිත් අල්විස් එම කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි.


ඩඞ්ලි සේනානායක විදුහලේ විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගේ සහ ලලිත් ඇතුළත්මුදලි විදුහලේ විදුහල්පති එම්. ඩී. බී. අත්තනායක මහතාගේ උපදෙස් මත මෙම තරගය සංවිධානය කෙරේ.

 


ඩඞ්ලි සේනානායක විදුහල් කණ්ඩායම -

පී. කේ. ඩිල්ෂාන් යුමේධ (නායක), එස්. ඩිල්ෂාන් (උප නායක), එල්. ඩී. තිසර, ජී. කමේෂ්, පී. ජේ. පුබුදු, එම්. සජන, ඒ. එම්. කනිෂ්ක, එම්. හුසේන්, එස්. එම්. සී. යසන්ත, එල්. ඒ. අයේෂ්, එස්. ඒ. අකලංක, ජී. පී. මලිත්, ජේ. තිසර, එම්. එම්. විනෝද්, ආර්. රුක්ෂාන් සහ එච්. කේ. හිරුෂ.

 


ලලිත් ඇතුළත්මුදලි විදුහල් කණ්ඩායම -

එරාන් කණිෂ්ක (නායක), මලිත් අල්විස් (උප නායක), තිමිර දසුන්, රවිඳු දේවින්ද, ප්‍රබුද්ධ ජයමාල්, ෂෙහාන් ඩීන්, රනේෂ් ප්‍රනාන්දු, අබ්දුල් හකීම්, තිෂාන් ප්‍රනාන්දු, ඉරොෂ් චතුරංග, දිලිෂ දහනායක, එම්. මිෂාල්, තරිඳු ධනංජිත්, තිමිර උදයංග සහ ඉෂාර සඳරුවන්  

 

- 036


අදහස් (0)

ඩඩ්ලි සේනානායක - ලලිත් ඇතුළත්මුදලි මහ ක්‍රිකට් තරගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.