Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මෝදර ඩිලාසාල් විදුහලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 84 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ වෙස්ලි විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය.
මෙම තරගය කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පළමුව පන්දුවට පහරදුන් වෙස්ලි විදුහල ඕවර 49.2 කදී සියලුදෙනා දැවි ලකුණු 252 ක් ලබාගත්තේය. ඩිලාසාල් විදුහල ජයග්‍රහණය සදහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගියද වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිම නිසා ඕවර 39 කදී ලකුණු 226 ක ඉලක්කයක් හිමිවිය. නමුත් ඩිලාසාල් විදුහලට ඕවර 30.5 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
වෙස්ලි විදුහල - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී 252
(කවින්දන පෙරේරා 50, බුද්ධිම විජේසුන්දර 27, මොවින් සුභසිංහ 26, ඉමේෂක පෙරේරා 47/4, කවින්ද ප්‍රනාන්දු 53/2)
ඩිලාසාල් විදුහල - ඕවර 30.5 කදී සියලුදෙනා දැවී 142
(මදුශංක පෙරේරා 52, ඉඳුවර පෙරේරා 51, සනුර අමරසිංහ 15/3, ශෂී සෝමරත්න 42/3, කවින්දන පෙරේරා 06/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.