Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 56 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දුයැවීමන නිතර වූ සාන්ත තෝමස් විදුහලේ ඩිලෝන් පීරිස් ලකුණු 65 කට කඩුලු 10 ක් දවාගත් අතර කළණ පෙරේරා ලකුණු 73 ක් රැස්කරමින් සහ ලකුණු 41 කට කඩුලු 7 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 63.4 කදී කඩුලු 8 ක් දැවී 261
(කළණ පෙරේරා 73, මනීෂ රූපසිංහ 52, තිසර හපුයින්න 45, ලක්ෂිත සඳරුවන් 22/2, චමිඳු ලක්ෂිත 60/2)
ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 115
(අවිෂ්ක හසරිඳු 24, කළණ පෙරේරා 39/5, ඩිලෝන් පීරිස් 25/4)
ධර්මපාල විදුහල දෙවැනි ඉනිම - ඕවර 45 කදී සියලු දෙනා දැවී 90
(ඩිලෝන් පීරිස් 40/6, කළණ පෙරේරා 6/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.