Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් පන්දු යවන්නෝ රිදෙන්නම කති
ජාතික සුපිරි ලීගය - 2023

ටෙස්ට් පන්දු යවන්නෝ රිදෙන්නම කති

editorial - 2023 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ටෙස්ට් සංචිතයේ පන්දු යවන්නන් වුවද කසුන් රාජිත (39/0) සහ ප්‍රභාත් ජයසූරිය (142/1) දෙදෙනා ගැන තඹයකුදු තැකීමකින් තොරව ලකුණු දඩයමේ ගිය ගාල්ල පිතිකරුවෝ ජාතික සුපිරි ලීග් තරගාවලියේ තරගයකදී කොළඹ පිලට එරෙහිව ලකුණු 700 ක් ලබාගත්හ.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) නිමාවූ මෙම තරගයේදී කොළඹ පිතිකරුවෝ ශතක 4 ක් ලබාගත්හ.

තරගයේ දෙවැනි දිනය වූ සිකුරාදා සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 කට ලකුණු 131 ක් ලබා සිටි ගාල්ල ක්‍රීඩකයෝ සෙනසුරාදා දිනය සම්පූර්ණයෙන්ම පිතිහරඹයට යොදාගනිමින් එදින අවසන් වන විට කඩුලු 5 කට ලකුණු 439 ක් ලබාගත්හ. අද (ඉරිදා) දිනයේදීත් ගාල්ල පිතිකරුවන්ගේ ආකල්ප වෙනස් නොවීය.

අද දිනය පුරාත් පන්දුවට පහර දුන් ගාල්ල පිතිකරුවෝ කඩුලු 9 කට ලකුණු 703 ක් ලබා සිටියදී, අවසන් පැයේ තරගය අතහැර දැමූහ.


කොළඹ - පළමු ඉනිම 405 යි
(අවිශ්ක ප්‍රනාන්දු 150, දුෂාන් විමුක්ති 40, නිසල තාරක 82, හංසක රත්නායක 28, කසන් රාජිත නොදැවී 34, කවිශ්ක අංජුල 67/4, රමේෂ් මෙන්ඩිස් 81/3)

ගාල්ල - පළමු ඉනිම කඩුලු 9 ට 703 යි
(සංගීත් කුරේ 33, ලක්ෂාන් එදිරිසිංහ 129, ඇන්ජලෝ මැතිව්ස් 105, දිනේෂ් චන්දිමාල් 63, මහේෂ් කුමාර 151, රමේෂ් මෙන්ඩිස් 149, දුෂාන් විමුක්ති 122/3)

- 213


අදහස් (0)

ටෙස්ට් පන්දු යවන්නෝ රිදෙන්නම කති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.