
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ එළඹෙන ඉන්දියානු සංචාරයේදී ටෙස්ට් තරගාවලියට පෙර විස්සයි20 තරගාවලිය පවත්වන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බව ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
තරගාවලියේ වත්මන් කාලසටහනට අනුව පෙබරවාරි මස අගදී තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉන්දියාවේදි පැවැත්වීමට නියමිතය.
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් ජෛව ආරක්ෂිත බුබුලක සිටින බැවින් එම තරගාවලිය අවසන් කර ඉන්දියාව සමගින් පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියට කෙලින්ම සහභාගි කරවීම සඳහා නැවත කාලසටහන වෙනස් කරන ලෙස මෙහිදී ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
මේ වනවිට ඉන්දියාවෙන් ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඔවුන් ඉක්මනින් ප‍්‍රකාශයක් කරනු ඇතැයි ද ඔහු පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.