Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් තරගය සූරියවැවට ගෙනයයි

ටෙස්ට් තරගය සූරියවැවට ගෙනයයි

editorial - 2019 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිලනොවන ටෙස්ට් තරගය දෙවැනි දිනයත් (24 වැනිදා) වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. තවත් දින දෙකක් ඉතිරිව තිබුනද මේ දිනවල ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ බලපැවැත්වෙන වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

මෙම තරගය මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය සහ නිල නොවන එක්දින තරග 3 පැවැත්වෙන දිනයන්හීද සංශෝධනයක් සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. එහෙත් තරගාවලියේ නව කාලසටහන සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැත.

...


අදහස් (0)

ටෙස්ට් තරගය සූරියවැවට ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.