Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත්ව ඇති නව ක්‍රීඩකයන් 23 දෙනාට ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් 14 දෙනකු ඇතුළත්ව සිටිති. මෙම නව කොන්ත්‍රාත් ලැයිස්තුවට ක්‍රීඩකයන් 30 ඇතුළත් වන අතර ඉතිරි ක්‍රීඩකයන් හත්දෙනා නැඟීඑන කණ්ඩායමේ සහ වයස 19 න් පහළ කණ්ඩායමේ දස්කම් දක්වන ක්‍රීඩකයන් අතරින් තෝරාගැනීමට නියමිතය.
එම ක්‍රීඩකයන් අතර ටෙස්ට් ක්‍රීඩකයන් 8 ක් සහ එක්දින කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ 6 දෙනකු ඇතුළත්ව සිටිති. උපුල් තරංග, චාමර සිල්වා, තරංග පරණවිතාන, අසේල ගුණරත්න, මහේල උඩවත්ත, මාලින්ද පුෂ්පකුමාර, මිලින්ද සිරිවර්ධන සහ සචිත්‍ර සේනානායක යන ටෙස්ට් ක්‍රීඩකයෝ මෙම නව ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.
අෂාන් ප්‍රියංජන්, චතුරංග ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය සහ ප්‍රියාමාල් පෙරේරා යන එක්දින ක්‍රීඩකයෝ ද මෙම නව කොන්ත්‍රාත් ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.
එම ක්‍රීඩකයෝ කාණ්ඩ කීපයක් යටතේ ඇමරිකානු ඩොලර් 10,000 ක සහ 5,000 ක වාර්ෂික දීමනාවකට හිමිකම් කියති.
නව වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයෝ (23)
අසේල ගුණරත්න, අෂාන් ප්‍රියංජන්, අෂේන් බණ්ඩාර, චාමර සිල්වා, චතුරංග ද සිල්වා, ඉෂාන් ජයරත්න, ජීවන් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, මහේල උඩවත්ත, මාලින්ද පුෂ්පකුමාර, මිලින්ද සිරිවර්ධන, මොහොම් ෆිරාෆ්, නිෂාන් පීරිස්, පැතුම් නිස්සංක, ප්‍රභාත් ජයසූරිය, ප්‍රියමාල් පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, සචිත්‍ර සේනානායක, සංගීත් කුරේ, ශිරාන් ප්‍රනාන්දු, තරංග පරණවිතාන සහ උපුල් තරංග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.