Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ට්විටර් පණිවුඩ එංගලන්තය කළඹයි

ට්විටර් පණිවුඩ එංගලන්තය කළඹයි

editorial - 2021 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතිවාදී සහ ලිංගිකත්වය සම්බන්ධ ට්විටර් පණිවුඩ පළකිරීම හේතුවෙන් ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම් කිරීමෙන් පසුව ජාතිවාදී අදහස් ඇතුළත් ට්විටර් පණිවිඩ පල කළ තවත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිළිබද තොරතුරු අනාවරණය වී තිබේ.

එංගලන්ත මාධ්‍යවල පළ වූ වාර්තා වලට අනුව, රොබින්සන් තමන්ගේ වරද සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය. එහෙත් එයින් දිනකට පසු තවත් ක්‍රීඩකයකු සම්බන්ධව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ජාතිවාදී අදහස් සහිත දෙවැනි ට්විටර් සටහන පිළිබඳව අනාවරණය වූ නමුත් එය පළ කරන විට අදාළ ක්‍රීඩකයාගේ වයස අවුරුදු 16 ට අඩු විම හේතුවෙන් ඔහුගේ අනන්‍යතාවය හෙළිකර නැත.

අදාළ ට්විටර් පණිවුඩය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කර ඇති බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය තහවුරු කර තිබේ.

ට්විටර් සටහන පිළිබඳව අපගේ අවධානය යොමු කර ඇති බවත් ‘නියමිත වේලාවට’ අදහස් දක්වනු ඇති බවත් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම සිදුවීම හේතුවෙන් ක්‍රීඩකයින්ගේ සමාජ මාධ්‍ය ඉතිහාසය පරීක්ෂා කිරීම සඳහා එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට එල්ලවන පීඩනය වැඩි විමට ඉඩ ඇත. වාර්තා කිහිපයකට අනුව, වර්තමාන සියලුම එංගලන්ත ක්‍රීඩකයන්ගේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් දැන් නිරීක්ෂණය කෙරෙමින් පවතී.

කෙසේ වෙතත් යොවුන් වියේ සිටියදී කළ වරදක් සම්බන්ධයෙන් එයින් වසර 12 කට පමණ පසුව ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර තරග තහනමක් පැනවීම සම්බන්ධයෙන් එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි නොසතුට පළකර ඇත.

- 2079

 


අදහස් (0)

ට්විටර් පණිවුඩ එංගලන්තය කළඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.