Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නායක ජෝ රූට් නැවත වරක් එංගලන්තය ගොඩගැනීමේ මෙහෙයුමක නිරත වූ නමුත් ලෝඩ්ස් පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ඉන්දියානුවෝ තරගයේ ග්‍රහණය දැඩි කරගෙන සිටියහ.
ඉන්දීය පිල ලබාගත් ලකුණු 364 ට පිළිතුරු වශයෙන් තරගයේ දෙවැනි දිනය නිමා වන විට එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියද ඉන්දීය පිලට වඩා තවත් ලකුණු 245 ක් පසුපසින් සිටියේය.
එංගලන්තයේ ඉදිරිපෙළ පිතිකරුවන් නැවත වරක් අසාර්ථක වෙද්දී ජෝ රූට් ලකුණු 48 ක් ලබා නොදැවී සිටියේ එංගලන්තය වෙනුවෙන් බර කරට ගනිමිනි.
පිට පිටම පන්දු දෙකකදී ඩොමිනික් සිබ්ලි සහ හසීබ් හමීඩ් දෙදෙනා දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 23 ක් පමණි. මේ වසරේදී එංගලන්තය ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම 19 න් 15 කදීම දෙවැනි කඩුල්ල බිඳවැටුණේ ලකුණු 50 සම්පූර්ණ කිරීමට පොරතුවය. එංගලන්ත ඉදිරිපෙළ පිතිකරුවන්ගේ දුර්වලවීම එයාකාර විය.
කෙසේ වෙතත් රෝරි බර්න්ස් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක් එක්කළ රූට්, දිනය අවසන් වන තුරුත් සිය කඩුල්ල රැකගෙන සිටියේය. පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 64 ක් සහ 109 ක් ලබාගත් එංගලන්ත නායකයා, ඉෂාන්ත් ෂර්මාගේ පන්දුවක් හතරේ සීමාවට යවමින් ග්‍රැහැම් ගූච්ගේ ටෙස්ට් ලකුණු 8900 වාර්තාව පසුකර ගියේය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර රූට් දෙවැනි වන්නේ ඇලිස්ටෙයාර් කුක්ගේ ලකුණු 12,472 ට පමණි.
අවසන් මොහොතේදී කණ්ඩායමට එක්වූ ජේම්ස් ඇන්ඩසන් කඩුලු 5 ක් දවාගැනීම හේතුවෙන් ඉන්දීය පිලේ ගමන ලකුණු 364 කින් නැවැත්වීමට එංගලන්තයට හැකිවිය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ වේග පන්දු යවන්නා සිය ටෙස්ට් දිවියේ ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් 31 වැනි අවස්ථාව මෙයයි.
ටෙස්ට් කඩුලු 626 ක් ලබා සිටින ඇන්ඩසන් ටෙස්ට් ඉතිහාසවේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් වේග පන්දු යවන්නාය. සමස්ත ලයිස්තුවේ ඔහු පසුපසින් සිටින්නේ දඟ පන්දු යවන්නන් වන මුත්තයියා මුරලිදරන් (800) සහ ෂේන් වෝන් (708) දෙදෙනාට පමණි.
මේ වන විට 39 හැවිරිදි වියේ පසුවන ඇන්ඩසන් ලකුණු 62 කට කඩුලු 5 ක් දවාගත් අතර මාක් වුඩ් සහ ඔලී රොබින්සන් කඩුලු 2 ක් බැගින් බෙදා ගත්හ. විරාට් කෝලි දැවී යාමට පෙර කඩුලු 2 කට ලකණු 267 ක් ව තිබූ ඉන්දීය ලකුණු පුවරුවේ අවසන් කඩුලු 8 ම ලකුණු 97 කට ඇද වැටිණ.
ඉන්දියානුවන් අද පෙරවරුවේදී තරගය ආරම්භ කළේ කඩුලු 3 කට 276 ක් ලෙෂ පුවරුවේ සටහන්ව තිබියදීය. එහෙත් ඇන්ඩසන් ප්‍රමුඛ එංගලන්ත වේග පන්දු යවන්නන් තිදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් මුල් ඉනිමේදී බලාපොරොත්තු වූ තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ඉන්දීය පිලට නොහැකි විය.
වේගවත් පිතිහරඹයක නිරත වූ රිෂාබ් පන්ට් (37) සහ රවීන්ද්‍ර ජදේජා (40) පසුපෙළට යම් තරමක ලකුණු සංඛ්‍යාවක් එක්කළ නමුත් ඔවුන් දෙදෙනාම මාක් වුඩ්ගේ තරමක් වේගවත් පන්දු දෙකකට අසුවූහ.
ඉන්දීය පළමු ඉනිම - 364 යි
(රෝහිත් ශර්මා 83, ලොකේෂ් රාහුල් 129, විරාට් කෝලි 42, රිෂාබ් පන්ට් 37, රවීන්ද්‍ර ජදේජා 40,
ජේම්ස් ඇන්ඩසන් 62/5, ඔලී රොබින්සන් 73/2, මාක් වුඩ් 91/2)
එංගලන්තය - පළමු ඉනිම කඩුලු 3 ක් දැවී 119
(රෝරි බර්න්ස් 49, ජෝ රූට් නොදැවී 48, මොහොමඩ් සිරාජ් 34/2)
- 213
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.