Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෝදර ද ලාසාල් විදුහලට එරෙහිව වත්තලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයේදී ශතක ලබාගැනීමට වත්තල ශාන්ත අන්තෝනි විදුහලේ එරංග මධුෂාන් (195) සහ ජොයෙල් පින්ටෝ (118) සමත් වූහ.
එම තරගයෙන් ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක් හිමි වූ අතර ලකුණු 384 ක ඉලක්කයක් හඹා යමින් සිටි ද ලාසාල් විදුහල තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 42 ක් ලබා සිටියේය.
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 70 කදී කඩුලු 7 ක් දැවී 405
(ජොයෙල් පින්ටෝ 118, එරංග මධුෂාන් 195, කවීෂ දුලාංජන නොදැවී 24, අරින්ද චතුරංග 21, සසිඳු දුලංග 71/3, කාවින්ද බිම්සර 39/2)
ද ලාසාල් විදුහල පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 107
(සන්තුෂ් සොයිසා 35, කවීෂ දුලාංජන 19/5, යසිඳු ජයවීර 23/3)
ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 21.1 කදී කඩුලු 6 ක් දැවී 86
(රශ්මික මෙවන් 32, සසිඳු දුලංග 24/2, අරුල් ප්‍රගාෂ් 23/2)
ද ලාසාල් විදුහල දෙවැනි ඉනිම - ඕවර 12.4 කදී කඩුලු 4 ක් දැවී 42
(සන්තුෂ් සොයිසා 20, රශ්මික මෙවන් 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.