අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පොලොන්නරුව රාජකීය විදුහල සහ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල අතර රාජකීය විදුහල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 12 ක ජයක් අත්කර ගැනීමට ජොන් කොතලාවල විදුහල සමත් විය.
එහිදී ජොන් කොතලාවල විදුහලේ මදුක දිල්ෂාන් (72) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ගිම්හාන් භානුක සහ ජනිත් හේෂාන් කඩුලු 4 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 29.4 කදී සියලු දෙනා දැවී 65
(ඔෂාර මධූෂංක 20, ජනිත් හේෂාන් 15/3, සනිල්ක බණ්නක 2/2, මදුක දිල්ෂාන් 14/2)
ජොන් කොතලාවල විදුහල් පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලු දෙනා දැවී 190
(මදුක දිල්ෂාන් 72, යසිරු ශිවන්ත 37, දිලාන් සඳරුවන් 73/6, පුන්සර පියුමාල් 63/2)
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 29.3 කදී සියලු දෙනා දැවී 113
(කෝකිල වීරසිංහ 65, ගිම්හාන් භානුක 10/4, ජනිත් හේෂාන් 26/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.