Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් ලෙසින් සිටි ‘කලම්බු ස්ට්‍රයිකර්ස්’ සහ ‘ජැෆ්නා කිංග්ස්’ යන සමාගම් සමගින් පැවැති හවුල්කාරිත්වය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේදී ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට ‘කලම්බු ස්ට්‍රයිකර්ස්’ සහ ‘ජැෆ්නා කිංග්ස්’ යන සමාගම් අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් සමග මෙතෙක් පැවැති බැඳීම් අවසන් කිරීමට සිදුව ඇති බව එල්.පී.එල්. තරගාවලියේ අළෙවිකරණ අයිතිය හිමි අයි.පී.ජී. සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දෙනු ලැබ තිබේ.
වාර්තා වන පරිදි මෙම සමාගම් දෙක විසින් විශාල මුදලක්, අයි.පී.ජී. සමාගම හරහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම වෙනත් පාර්ශ්ව කිහිපයකට ගෙවීමට ඇති නමුත් එම මුදල ගෙවීමට ඔවුන් මෙතෙක් කටයුතු කර නැත. ‘කලම්බු ස්ට්‍රයිකර්ස්’ සහ ‘ජැෆ්නා කිංග්ස්’ යන සමාගම් විසින් ගෙවීමට ඇති මුදල කොතෙක්ද යන්න නිශ්චිත යමක් ප්‍රකාශ කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු මැළිවෙති.
මෙවන් තරගාවලි සඳහා සහභාගි වන්නේ වෘත්තීය ක්‍රීඩකයන් වන බැවින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා අදාළ සමාගම් සමගින් පැවැති හවුල්කාරීත්වය සහ ගිවිසුම් අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී නව හිමිකාරිත්වයක් යටතේ ‘කොළඹ’ සහ ‘යාපනය’ නියෝජනය කරන කණ්ඩායම් තරගාවලියට සහභාගි වනු ඇත.
‘කොළඹ’ සහ ‘යාපනය’ සන්නාම අයිතිය පවරාදීම එල්.පී.එල්. තරගාවලියේ අළෙවිකරණ අයිතිය හිමි අයි.පී.ජී, සමාගම සතුය. එසේ වූවත් අයි.පී.ජී. සමාගම විසින් නිර්දේශ කරනු ලබන සමාගම් වෙත ‘කොළඹ’ සහ ‘යාපනය’ සන්නාම අයිතිය පවරාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතියට යටත්ව, තියුණු පරීක්‍ෂාවකින් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුමැතියටත් යටත්ව කෙරෙන්නකි. ඒ සඳහා දීර්ඝ මෙන්ම සංකීර්ණ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට සිදුවේ.
මේ වසරේ එල්.පී.එල්. තරගාවලිය ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.