Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර පාසල් අතර පැවැති වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ, ශාලිකා ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 74 ක් ජයක් හිමිකර ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අද (20 වැනිදා) සමත් විය. මෙම තරගය ඕවර 40 කට සිමාවිය.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට හසිත ගුණසිරි (53) සමත්වූ අතර ජීවිතන් මහේෂ්වරන් ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
අවසන් පූර්ව වටයේදී වත්තල ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසලට එරෙහිව නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලත්, විචර්ලි ජාත්‍යන්තර පාසලට එරෙහිව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලත් ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.
වත්තල ලයිසියම් ජා.පා - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 265
(හසිත ගුණසිරි 53, කවිඳු රාජකරුණා 45, ශබීක් ඉෆ්තාරී 39, ඩිල්ශාන් ජයවර්ධන 31, ඉමන්ත ප්‍රනාන්දු 30, විහඟ අඹේපිටිය 36/2)
නුගේගොඩ ලයිසියම් ජා.පා - ඕවර 34.3 කදී සියලුදෙනා දැවී ලකුණු 191
(පසිඳු රාජපක්ෂ 56, අකලංක සෙනෙවිරත්න 35, විහඟ අඹේපිටිය 34, ගමිත පවන් 25, ජීවිතන් මහේෂ්වරන් 30/4, ඉමන්ත ප්‍රනාන්දු 18/2, චන්දිර යසවින් 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.