Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජනාධිපති විදුහලට කඩුලු 7 ක ජයක්

ජනාධිපති විදුහලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ලුමිබිණී විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ජනාධිපති විදුහල සමත් විය.

එහිදී ජනාධිපති විදුහලේ ඉරංග හේෂාන් (60) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර  ජනාධිපති විදුහල වෙනුවෙන් හසිඳු ප්‍රමුඛද, ලුම්බිණී විදුහල වෙන්වෙන් කවීන් පීරිස්ද කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ලුම්බිණී විදුහල පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 107
(පූර්ණ සඳරුවන් 25, හේමාල් ලංකාර 24, තනුල චමෝද් 21/3, දිනෙත් නෙළුම්දෙණිය 14/2, රිෆාස් මවුරස් 33/2)

ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 64 කදී සියලු දෙනා දැවී 212
(ඉරංග හේෂාන් 60, තනුල චමෝද් 33, රිෆාස් මවුරස් 32, කවීන් පීරිස් 56/5, චේමිත පීරිස් 41/3, ධනංජය දාබරේ 63/2)

ලුම්බිණී විදුහල දෙවැනි ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 152
(සත්සර මධුමාල් 35, හසිඳු ප්‍රමුඛ 42/5)

ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - ඕවර 16.4 කදී කඩුලු 3 ක් දැවී 48  

 


අදහස් (0)

ජනාධිපති විදුහලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.