Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජනිත් ඩයස් ලූම්බිණියට ජය ගෙනෙයි

ජනිත් ඩයස් ලූම්බිණියට ජය ගෙනෙයි

ශනුක අරවින්ද - 2013 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ජනිත් ඩයස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ, අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ, කොටසේ අද (2 වැනිදා) අවසන්වු තරගයේදී සිරි කුරුස විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 17 ක ජයක් ලබා ගැනීමට ලූම්බිණි විද්‍යාලය සමත්විය. තරගය බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ලූම්බිණි විද්‍යාලය කඩුලූ 9 කට ලකුණු 310 ක් ලබා ඉනිම අත්හිටවු අතර තරුෂාන් ඉද්දමල්ගොඩ (70), වාසන මදුශංක (65) සහ තනුක දාබරේ (57) අර්ධ ශතක ලබා ගනිමින් ලූම්බිණිය ඉහළ ලකුණු මට්ටමක් කරා ගෙන ගියෝය.

පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ඊයේ දිනය නිමා වනවිට සිරි කුරුස විද්‍යාලය පළමු ඉනිමට කඩුලූ 8 ක් දැවී ලකුණු 109 ක් රැුස් කරගෙන සිටි අතර අද උදෑසන පළමු ඉනිම අවසානයේ ලබා ගත හැකිවුයේ සියලූ දෙනා දැවී ලකුණු 110 ක් පමණි.

පිට පිට දෙවන ඉනිම ක‍්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිරි කුරුස විද්‍යාලයීය පිතිකරුවෝ යළිත් අසාර්ථක වෙමින් ලකුණු 183 කට සියලූ දෙනා දැවී ගියහ.

සිරි කුරුස පිතිකරුවන්ට මහත් හිසරදයක්වු ජනිත් ඩයස් ඉනිම දෙකේදී ලකුණු 112 කට කඩුලූ 11 ක් ලබා ගනිමින් පිටිය පුරා තම අණසක පතුරුවන්නට සමත්විය.

ලූම්බිණි විදුහල පළමු ඉනිම  ඕවර 53 කදී කඩුලූ 9 ක් දැවී 310
(තරුෂාන් ඉද්දමල්ගොඩ 70, වාසන මදුශංක නොදැවී 65, තනුක දාබරේ 57, චාමර නිශාන්ත 41, ජම්මික ධරණී 33, ප‍්‍රවීන් ජයවික‍්‍රම 68/4, අවිශ්ක පෙරේරා 74/3, නිර්මාල් ශානක 35/20

සිරි කුරුස විදුහල පළමු ඉනිම  ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී 110
(සමින්ද රවිනාත් 22, අවිශ්ක පෙරේරා 18, පසිදු පෙරේරා 16, ජනිත් ඩයස් 20/5, තරුෂාන් ඉද්දමල්ගොඩ 21/3)

සිරි කුරුස විදුහල දෙවන ඉනිම  ඕවර 61.5 කදී සියලූ දෙනා දැවී 183
(ශමල් මාලක 31, රුමේශාන් සිල්වා 30, අශේ්න් තාරුක 30, ශානක කුරේ 21, පසිදු පෙරේරා 20, ජනිත් ඩයස් 92/6, මෙහොමඞ් අක‍්‍රම් 2/2)

 


අදහස් (1)

ජනිත් ඩයස් ලූම්බිණියට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.