Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජදේජාට තුන්වැනි ටෙස්ට් තරගය තහනම්

ජදේජාට තුන්වැනි ටෙස්ට් තරගය තහනම්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාස 24 ක් තුළදී අප්‍රසාද ලකුණු හයක් එකතුවීම හේතුවෙන් පල්ලේකැලේ හිදි පැවැත්වෙන තෙවැනි ටෙස්ට්  තරගය රවීන්ද්‍ර ජදේජාට තහනම් කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනය නීති හා රෙගුලාසි වලට පටහැනිව යාම හේතුවෙන් ජදේජාට මෙම අප්‍රසාද ලකුණු එකතු විය.

කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (05 වැනිදා) දිමුත් කරුණාරත්න සිටි කඩුල්ල වෙත පන්දුව දමාගැසීම හේතුවෙන් ඔහුට මෙම අප්‍රසාද ලකුණු එකතු විය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනය නීති හා රෙගුලාසි වලට අනුව පන්දුව (ක්‍රිකට් ආම්පන්න හෝ වතුර බෝතල්) ක්‍රිඩකයකු වෙත, ඔහුගේ උදව් කරුවෙකු වෙත, විනිසුරු, තරග තීරක හෝ වෙනත් තුන්වැනි පාර්ශවයේ අයෙකු වෙත අනතුරුදායක ලෙස දමාගැසීම දඩුවම් ලැබිය හැකි වරදකි.

2016 වසරේ ඔක්තෝබර් මාසයේදී නවසීලන්තයට එරෙහිව ඉන්දෝර්හිදී පැවැති ටෙස්ට් තරගයේදී මෙවැනිම වරදක් හේතුවෙන් තරග මුදලින් 50්‍ර ක දඩයකට ලක්ව අප්‍රසාද ලකුණු තුනක් ලබා තිබූ ජදේජා ඊයේ තවත්  අප්‍රසාද ලකුණු හතරක් එකතු කරගනිමින් ඒවා දඩුවම් ලකුණු දෙකක් බවට පරිවර්තනය කරගත්තේය. කිසියම් ක්‍රීඩකයකුට දඬුවම් ලකුණු දෙකක් හිමිවුහොත් ඔහුට ටෙස්ට් තරගයක් තහනම් කෙරේ.

ඒ අනුව මෙම මස 12 සිට 16 දක්වා පල්ලේකැලේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී රවින්ද්‍ර ජදේජාගේ සේවය ඉන්දිය පිලට අහිමිවී යනු ඇත. මෙම දඩුවමට අනුගාමීව අප්‍රසාද ලකුණු හයක් ජදේජාගේ විනය වාර්තා වලට එක්විය. ඉදිරි මාස 24 කාලය තුළදී තවත් අප්‍රසාද ලකුණු අටක් හෝ ඊට වැඩියෙන් හිමිකර ගතහොත් දඩුවම් ලකුණු 4 ක් දක්වා පරිවර්ථනය වනු ඇත.

ඊයේ දිනයේ අවසන් ඕවරයේදී පිතිකරු සීමා ඉරෙන් මෙපිට නොසිටි අවස්ථාවකදී ජදේජා පන්දුව දමාගසා ඇත. පන්දුව නොවැදී දිමුත් කරුණාරත්න යන්තම් බේරුණු නමුත් ප්‍රධාන විනිසුරුවරුන් විසින් එය අනතුරුදායක පන්දු විසිකිරීමක් ලෙස හඳුන්වන ලදහ.

ජදේජා වරද පිළිගැනීම හේතුවෙන් විභාග කිරීමක් පවත්වා නැති අතර අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක රිචී රිචඞ්සන් මහතා දඬුවම් පනවා තිබේ. ප්‍රධාන විනිසුරුවන් වන බෲස් ඔක්සන්ෆර්ඞ් සහ රොඞ් ටකර්, තෙවැනි විනිසුරු රිචඞ් ඉලන්වර්ත් සහ සිවුවැනි විනිසුරු රුචිර පල්ලියගුරුගේ යන මහත්වරු මෙම චෝදනා ගොණු කළහ.

 


අදහස් (0)

ජදේජාට තුන්වැනි ටෙස්ට් තරගය තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.