ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය ලෙස අහ්මදාබාද්හිදී අද (05) පැවැති දිනයේ දෙවැනි තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 8 කින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල පරාජය කළේය.
චෙන්නායි පිතිකරුවෝ ලකුණු 179 ක ඉලක්කය ඕවර 19.4 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. කොදෙව් පිතිකරු ඞ්වේන් ස්මිත්, දිල්ලි පන්දු යවන්නන් දැඩි ප‍්‍රහාරයකට ලක්කරමින් පන්දු 51 කදී ලකුණු 79 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ ප‍්‍රධාන කොටස්කරු බවට පත්විය. ස්මිත්ගේ ඉනිමට හතරේ පහර 4 ක් සහ හයේ පහර 8 ක් ඇතුළත් විය.
ආරම්භක පිතිකරුවන් වූ ඞ්වේන් ස්මිත් සහ බ්‍රෙන්ඩන් මැකලම් (32) පන්දු 64 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. පළමුව පන්දුවට පහර දුන් දිල්ලි පිල වෙනුවෙන් දිනේෂ් කාර්තික් පන්දු 36 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය.
ජේ. පී. ඩුමිනි පන්දු 17 කදී ලකුණු 28 ක් ද, කේඩර් යාදේව් පන්දු 18 කදී ලකුණු 29 ක් ද, රැස්කරමින් ඉනිමේ අවසන් පන්දු 34 දී ලකුණු 58 ක් රැස්කරමින් ලකුණු 178 ක් දක්වා ගෙන ඒමට සමත් වූහ. දිල්ලි පිලේ නායක එංගලන්ත ප‍්‍රවේගකාරි පිතිකරු කෙවින් පීටර්සන් පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේය.
දිල්ලි පිලේ පළමු කඩුල්ල ලෙස දකුණු අප‍්‍රිකානු ප‍්‍රවේගකාරි පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 16 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් ලබා දැවී ගියේය. චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 178 (ක්වින්ටන් ඩි කොක් 24, මුරලි විජේ 35, දිනේෂ් කාර්තික් 51, ජේ. පී. ඩුමිනි නොදැවී 28, කේඩර් යාදේව් නොදැවී 29)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 19.4 කදී කඩුලූ 2 ට 181 (ඞ්වේන් ස්මිත් 79, බ්‍රෙන්ඩන් මැකලම් 32, සුරේෂ් රයිනා නොදැවී 47, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 12)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.