Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ තර්ස්ටන් විදුහලේ චරන නානායක්කාර ශා. ජෝසප් විදුහල් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් තම විද්‍යාලයට ලබාදීමට අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චරන නානායක්කාර ලකුණු 15 කට කඩුලු 8 ක් දවාගනිමින් ශා. ජෝසප් විදුහල පළමු ඉනිමේදී ලකුණු 23 කට සීමාකළ අතර දෙවන ඉනිමේදී ලබාගත් කඩුලු තුනත් සමගින් ලකුණු 91 කඩුලු 11 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා. ජෝසප් විදුහල් පිතිකරුවන් පළමු ඉනියේදී ආසාර්ථක වුවද දෙවන ඉනිමේදී ලකුණු අතරට පැමිණි අතර දිනෙත් මදුරවල ශතකයක් (නොදැවී 144) රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.
ශා. ජෝසප් විදුහල - පළමු ඉනිම - ඕවර 13.5 කදී සියලුදෙනා දැවී ලකුණු 23
(චරන නානායක්කාර 15/8)
තර්ස්ටන් විදුහල - පළමු ඉනිම - ඕවර 46 කදී සියලුදෙනා දැවී ලකුණු 227
(යෙශාන් වික්‍රමාරච්චි 69, නිපුන් ලක්ෂාන් 38, චරන නානායක්කාර 20, ජෙහාන් ඩැනියල් 81/5)
ශා. ජෝසප් විදුහල - දෙවැනි ඉනිම - ඕවර 120 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 315
(දිනෙත් මදුරවල නොදැවී 144, ශෙවොන් ෆොන්සේකා 44, පහන් පෙරේරා 42, ජෙහාන් ඩැනියල් 21, සඳරු ඩයස් 51/4, චරන නානායක්කාර 76/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.