Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේදී මේ දිනවල පැවැත්වෙන කාන්තා බ්ග් බෑෂ් තරගාවලියේ ඊයේ (11 වැනිදා) පැවැති තරගයකදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 70 ක් රැස්කිරීමට පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන චමරි අතපත්තු සමත් වූවාය.
එහිදී පන්දු 42 කට මුහුණදුන් ඇය හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම වර්ණවත් කළාය. ආරම්භක පිතිකාරිණී බෙත් මූනී (නොදැවී 83) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 135 ක වේගවත් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද චමරි සමත් වූවාය.
චමරිගේ සහ මූනිගේ එම සම්බන්ධතාව හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 184 ක් ලබාගැනීමටද පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට හැකි විය. පන්දු 53 කදී වාර්තා වූ මූනිගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 2.3 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 21 ක් ලබා සිටියේය. දිගින් දිගටම වර්ෂාව ඇද හැළීම නිසා යළිත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.
පර්ත් ස්කෝචර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 2 කට 184
(සොෆී ඩේවින් 16, බෙත් මූනි නොදැවී 83, චමරි අතපත්තු නොදැවී 70)
සිඩ්නි තන්ඩර්ස් පිල - ඕවර 2.3 කදී කඩුල්ලකට 21
(ස්මිත්‍රි මන්දනා නොදැවී 12)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.