Last Update  :  2025-08-03 20:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චන්දිමාල් එවරස්ට් ප්‍රිමියර් ලීගයට

චන්දිමාල් එවරස්ට් ප්‍රිමියර් ලීගයට

editorial - 2021 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. ඒ අනුව මෙවර තරගාවලියේදී භයිරාවා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් චන්දිමාල් එකතුවනු ඇත.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට නායකත්වය දුන් ලාබාළතම ක්‍රීඩකයා වන චන්දිමාල් වරක් අයි.පී.එල්. තරගාවලියකදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමද නියෝජනය කළේය. 

දිනේෂ් චන්දිමාල්ට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උපුල් තරංගද මෙවර තරගාවලියේදී ලලිත්පූර් පැටි්‍රයට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සූදනමින් සිටී. භයිරාවා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ නේපාලයේ ජාතික කණ්ඩායමේ හිටපු පුහුණුකරු පුබුදු දසනායක මහතාය. 

කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් 4 වැනි වරටත් පැවැත්වෙන එවරස්ට් ප්‍රීමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා පැවැත්වේ. 

අවසන් වරට පැවැති තරගාවලියන්හිදී පංචකන්යා ටෙජ් (2016), බිරත්නාගර් වොරියර්ස් (2017) සහ ලලිත්පූර් පැටි්‍රයට්ස් (2018) යන කණ්ඩායම් ශූරතාව දිනා ඇති අතර භයිරාවා ග්ලැඩියේටර්ස් පිලට 2017 සහ 2018 වසරවලදී අනුශූරතාවයෙන් සෑහිමට පත්වීමට සිදුවිය.

ඩ්වේන් ස්මිත්, ශහීඩ් අෆ්රිඩි, මොහොමඩ් ෂෙසාඩ්, කෙවින් ඕ’බ්‍රයන්, සංදීප් ලැම්චාන්, ක්‍රිස් ගේල්, හෂීම් අම්ලා යන ජාත්‍යන්තර ක්‍රීඩකයෝද මෙවර තරගාවලිය සඳහා එක්වෙති.

 


අදහස් (0)

චන්දිමාල් එවරස්ට් ප්‍රිමියර් ලීගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.