Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චන්දිමාල් - හිමේෂ් රෙඩ්ස් පිල දිනවති

චන්දිමාල් - හිමේෂ් රෙඩ්ස් පිල දිනවති

editorial - 2021 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

දිනේෂ් චන්දිමාල්ගේ (59) පිතිහරඹයත්, හිමේෂ් රාමනායකගේ (31/4) පන්දු යැවීමත් හමුවේ බ්ලූස් පිලට එරෙහිව පැවැති ආරාධිත විස්සයි20 තරගය කඩුලු 6 කින් ජයගැනීමට රෙඞ්ස් පිල සමත්විය. මෙම තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැත්විණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් රෙඞ්ස් පිල ඕවර 19 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

නායක දිනේෂ් චන්දිමාල් පන්දු 44 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් රැස්කරමින් රෙඞ්ස් පිලේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමූ චන්දිමාල්, පසුව ඕෂධ ප්‍රනාන්දු සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 37 කදී ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනඟමන් ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නේය. පස්වැනි කඩුල්ල සඳහා පන්දු 21 කදි ලකුණු 31 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් රෙඞ්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට අසේල ගුණරත්න සහ චාමික කරුණාරත්න සමත්වූහ.

අසේල ගුණරත්න පන්දු 23 කදී හතරේ පහරක් සමගින් ලකුණු 23 ක් සහ චාමික කරුණාරත්න පන්දු 12 කදි හතරේ පහර 2 ක් සමගින් ලකුණු 16 ක් ලබාගැනීමට සමත්වූහ. බ්ලූස් පිලේ නායක ධනංජය ද සිල්වා පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත්තද රෙඞ්ස් පිලේ පිතිකරුවන් මෙල්ල කිරීමට ඔව්හු අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනාගත් රෙඞ්ස් පිලේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීම සඳහා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් බ්ලූස් පිලට ආරාධනා කළේය. ආරම්භක පිතිකරුවා ලෙස උසස්වීමක් ලැබූ ධනංජය ලක්ෂාන් පන්දු 47 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය.

නිෂාන් මධුෂ්ක පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 25 ක් ලබාගත් අතර පසුපෙළ පිතිකරු ළහිරු සමරකෝන් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කළේය. දක්ෂ පන්දු යැවීමක නිරතවූ හිමේෂ් රාමනායක සිය ඕවර 4 ලකුණු 31 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත් අතර චාමික කරුණාරත්න ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

කඩුලු ලබානොගත්තද පිතිකරුවන් මෙල්ල කරමින් දක්ෂ පන්දු යැවීමක නිරතවූ සීකුගේ ප්‍රසන්න සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කළේය.


බ්ලූස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 146
(ධනංජය ලක්ෂාන් 55, නිෂාන් මදුෂ්ක 25, ළහිරු සමරකෝන් නොදැවී 35, හිමේෂ් රාමනායක 31/4, චාමික කරුණාරත්න 37/2)

රෙඞ්ස් පිල - ඕවර 19 කදී කඩුලු 4 ක් දැවී 148
(දිනේෂ් චන්දිමාල් 59, ඕෂධ ප්‍රනාන්දු 27, අසේල ගුණරත්න නොදැවී 23)

 

 


අදහස් (0)

චන්දිමාල් - හිමේෂ් රෙඩ්ස් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.