Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුවන් හමුදාව පළමු ජය ලබයි

ගුවන් හමුදාව පළමු ජය ලබයි

රොෂාන් ගුණරත්න - 2013 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (17 වැනිදා) පැවති තරගයකදී පානදුර කී‍්‍රඩා සමාජය පරදවා ලකුණු 19 කින් ජය ගැනීමට ගුවන් හමුදා පිල අද සමත්විය. මෙම තරගය පානදුර නගරසභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගුවන් හමුදා පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදී පන්දුවාර 48.4 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 193 ක් පමණි.

ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය පානදුර පිලට  ඕවර 46 කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 174 ක් පමණී.

ගුවන් හමුදා පිල  ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 193
(දුශාන් විමුක්ති 47, පිශාන් හේවගේ 39, සහන් ජයවර්ධන නොදැවී 38, මලිත් චතුරංග 25/2, ගයාන් සිරිසෝම 31/2, රජීව වීරසිංහ 36/2)

පානදුර  ඕවර 46 කදී සියලූ දෙනා දැවී 174
(සුපේෂල ජයතිලක 34, මලිත් චතුරංග 32, චරිත බුදිධික 31, සහන් ජයවර්ධන 18/2, පිශාන් හේවගේ 31/2, අකිල ඉශංක 34/2, ලසද රුක්මාල් 39/2)


අදහස් (0)

ගුවන් හමුදාව පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.