Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා පුහුණු තීරුව විවෘත කරන ලද අවස්ථාව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කැළණිය ගුරුකුල විද්‍යාලයට නවතම පුහුණු තණතීරුවක් සකස්කර දෙන ලදි. අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ, සියලුම වයස් කාණ්ඩයන්හි ක්‍රිකට් ක්‍රීඩා කරන ගුරුකුල විද්‍යාලයීය 19 න් පහළ කණ්ඩායම පළමු කොටසේ ක්‍රීඩා කරන කණ්ඩායමකි. 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ ක්‍රීඩා කරන සෑම පාසලකටම පුහුණු තණතීරුවක් සකස්කරදීම සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩපිළිවෙල යටතේ මෙම ක්‍රිකට් පුහුණු තීරුව සකස් කරන ලදි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්, ගුරුකුල විද්‍යාලයීය විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පුහුණු තණතීරුව විවෘත කරන ලදි. විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම භාර ආචාර්ය අනිල් මංගල කුමාර, පුහුණුකරු රසික ඩිලේෂ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරී මොරිස් ඩිලා’සිල්වා යන මහත්වරුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙනි
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.