Last Update  :  2025-05-12 20:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල පිලේ පුහුණුකරු උමාර් ගුල්

ගාල්ල පිලේ පුහුණුකරු උමාර් ගුල්

editorial - 2021 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

මෙවර පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් පත් කර ඇත.

පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මොයීන් ඛාන් පෞද්ගලික හේතුවක් මත මෙවර තරගාවලියට එක් නොවන බැවින් තාවකාලිකව මෙම පත් කිරීම කළ බව කණ්ඩායමේ කළමණාකරු අසාම් ඛාන් පවසයි.

මොයීන් ඛාන් වෙනුවට තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු උමාර් ගුල් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.

දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන මස 5 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

2079


අදහස් (0)

ගාල්ල පිලේ පුහුණුකරු උමාර් ගුල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.