Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල ක්‍රීඩිකාවෝ අපරාජිත බව රැකගනිති
23 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය

ගාල්ල ක්‍රීඩිකාවෝ අපරාජිත බව රැකගනිති

editorial - 2023 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23 න් පහළ කාන්තා අන්තර් දිස්ත්‍රික් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමට ගාල්ල කාන්තා කණ්ඩායම සමත් විය.

ඉකුත්දා හම්බන්තොටදී රත්නපුර කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ගාල්ල ක්‍රීඩිකාවෝ සමත් වූ අතර එය ඔවුන් මෙවර තරගාවලියේදී පිට පිටම ලැබූ තෙවැනි ජය විය.

ගෙවී ගිය සතිය තුළ පැවැති තරගවලදී ජයග්‍රහණය වාර්තා කිරීමට කිලිනොච්චිය, මොණරාගල, මාතර සහ ගම්පහ කාන්තා කණ්ඩායම් සමත් වූ අතර එම තරගවලදී ඔවුන් හමුවේ පිළිවෙලින් වව්නියා, හම්බන්තොට, බදුල්ල සහ කොළඹ උතුර කාන්තා කණ්ඩායම් පරාජයට පත් වූහ.


හම්බන්තොටදී ගාල්ල කාන්තා පිලට කඩුලු 10 ක ජයක්
රත්නපුර කාන්තා පිල - ඕවර 17.1 කදී සියලු දෙනා දැවී 32
(සුලීෂා සත්සරණි 07/2, ෂෙහාරා ඉඳුවරී 09/2)
ගාල්ල කාන්තා පිල - ඕවර 5.5 කදී කිසිවකු නොදැවී 33


වව්නියාවේදී කිලිනොච්චි කාන්තා පිලට ලකුණු 3 ක ජයක්
කිලිනොච්චි කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 103
(බී. හරනි 15, වී. වනූෂා 12/2, එස්. රිතූෂා 14/2, එස්. තිනෝසියා 26/2)
වව්නියා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 100
(එස්. කමාෂා 19, කේ. තුෂ්ජන්තිනී 20/4, එස්. තත්සරණි 17/2)


සූරියවැවදී මොණරාගල කාන්තා පිලට කඩුලු 8 ක ජයක්
හම්බන්තොට කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 56
(චමුදි ප්‍රබෝධා 11/2)
මොණරාගල කාන්තා පිල - ඕවර 9.3 කදී කඩුලු 2 ක් දැවී 60
(සේමිණි ශෂිකලා නොදැවී 19)


හම්බන්තොටදී මාතර කාන්තා පිලට කඩුලු 9 ක ජයක්
බදුල්ල කාන්තා පිල - ඕවර 5 කදී කඩුලු 5 ක් දැවී 22
(අෂිනි සෙව්වන්දි 02/2)
මාතර කාන්තා පිල - ඕවර 2.5 කදී කඩුල්ලක් දැවී 23


බණ්ඩාරගමදී ගම්පහ කාන්තා පිලට ලකුණු 36 ක ජයක්
ගම්පහ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 124
(සඳලි වීරසිංහ 20, උමායා රත්නායක නොදැවී 21, දනුජි ප්‍රනාන්දු 19/2, දැහැමි සෙනෙත්මා 20/2)
කොළඹ උතුර කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 88
(විදුෂිකා පෙරේරා 14/2, හසිනි විජේසිංහ 18/2, නිකේෂා නවෝද්‍යා 20/2)  
 
-036


අදහස් (0)

ගාල්ල ක්‍රීඩිකාවෝ අපරාජිත බව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.