Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ බවත්, එම නිසා ඔහුට වයිරසය ආසාදනය වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුනද ද සිල්වා මහතා පවසයි.
“බලෙන් එන්නත් කරන්න බෑනේ. ග්‍රාන්ට් ෆ්ලවර් එන්නත ඕනේ නෑ කිව්වා. එයා කිව්වා එයාට ඕනේ ෆයිසර් එන්නත විතරයි කියලා. වෙන එන්නත් එයාගේ රටේ පිළිගන්නේ නෑ කියලා”
“මෙතෙන හොඳ පාඩමක් තියෙනවා”
“එයා ඕනකමින් එන්නත ගත්තේ නෑ. මෙතෙන පාඩම මේකයි”
“මගෙන් ලෙඩ්ඩු අහනවා අපි එන්නත ගන්න ද? කොයි එන්නත ද හොඳ කියලා. අපි හැමදාම දෙන්න හදන්නේ සරල සෞඛ්‍ය පණිවුඩයක්නේ. මෙතන තියෙන සරල සෞඛ්‍ය පණිවුඩේ තමයි ‘හොඳම එන්නත ළඟම එන්නත’ කියන එක. ළඟින්ම ගහගන්න පුළුවන් එන්නත තමයි හොඳම එක” යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
එංගලන්තය බලා යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුළු කාර්ය මණ්ඩලයට ‘ස්පුට්නික්-ඪ’ එන්නත දුන්නේය. එංගලන්ත සංචාරයට සහභාගිවී නැවත පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ සහය කාර්ය මණ්ඩලයට පසුගිය බදාදා එහි දෙවැනි මාත්‍රාව දෙන ලදි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.