Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගලහිටියාව - තෝලංගමුව මැදි මහ සටන 21 වැනිදා

ගලහිටියාව - තෝලංගමුව මැදි මහ සටන 21 වැනිදා

ශනුක අරවින්ද - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය සහ තෝලංගමුව මධ්‍ය විද්‍යාලය අතර තුන්වැනි ‘මැදි මහ සටන’ වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 21 වැනිදා මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම වාර්ෂික තරගයේ පළමු තරගය 2012 වසරේ කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර එම තරගයෙන් ගලහිටියාව මධ්‍ය විද්‍යාලය ජය ලැබීය. 2013 වසරේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයෙන් තෝලංගමුව මධ්‍ය විද්‍යාලය ජය ලැබීය.

මෙවර ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය පිලේ නායකයා ලෙස ගිහාන් ජානක සිල්වා ද, තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය පිලේ නායකයා ලෙස රුවන්ත චතුරංග ද, කටයුතු කරති.

මෙම පාසල් දෙකම වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ක‍්‍රීඩා කරයි.

මෙවර ගලහිටියාව මධ්‍ය විද්‍යාල පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයා ලෙස තුන් ඉරියව් ක‍්‍රීඩක නායක ගිහාන් ජානක සිල්වා හැදින්විය හැකිය. පිතිකරුවන් ලෙස කුසල් අතපත්තු, කෙවින් ගිහාන් සහ අසින්ත මල්ෂාන් හැදින්විය හැකි අතර කෙවින් ගිහාන්, පුෂ්පකුමාර මඩුගල්ල, අවිෂ්ක මධුමාල් සහ තාරුක විමුක්ති පන්දුවෙන් දස්කම් දැක්වීමට සූදානමින් සිටිති.

තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ නායක රුවන් චතුරංග සහ උප නායක රුවන් රත්නායක තුන් ඉරියව් දස්කම් දක්වන ක‍්‍රීඩකයෝ වෙති.  පැතුම් සිරිවර්ධන, ගයාෂාන් පුලස්ති සහ නිලක්ෂ සඳකැළුම් දක්‍ෂ පිතිකරුවන් වන අතර සහන් මධුසංඛ, නිමේෂ් චමිඳු සහ බුද්ධීෂ්වර ධනංජය පන්දු යැවීමෙන් දස්කම් දක්වති.

 

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය සංචිතය:

ගිහාන් ජනක සිල්වා (නායක), කුසල් අතපත්තු (උප නායක), අංජන කාවින්ද, අසින්ත මල්ෂාන්, පුෂ්පකුමාර මඩුගල්ල, කෙවනින් ගිහාන්, අශේන් දේවින්ද, චතුර ලක්මාල්, තාරුක විමුක්ති, චිරාන් ප්රාමෝද්යාත, රුක්ෂාන් හිරුක, කනකජ කේසර, දේවින්ද අයේෂ්, අවිෂ්ක මධුමාල්, චරිත් මිහිරංග, අෂේන් චාමර සහ  ඕෂණ රංගන
පුහුණුකරු: අසේල සම්පත් මහතා සහ කණ්ඩායම් බාර ආචාර්ය: රෝහිත සේනාධීර මහතා

තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය සංචිතය: 

රුවන් චතුරංග (නායක), රුවන් රත්නායක (උප නායක), රසිත් ලක්ෂාන්, රසිඳු සචින්ත, සහන් මධුසංඛ, නිලක්ෂ සඳකැන්, නිලක්ෂ ලක්ෂිත්, රවිඳු සසංක, ගයාෂාන් පුලස්ති, දිනේෂ් චමිඳු, හර්ෂණ එරංග, නිපුන් චතුරංග, රන්දිම පැතුම්, හසිත් ලක්ෂාන්, බුද්ධීෂ්වර ධනංජය සහ  දිමුතු ප‍්‍රසාද්
පුහුණුකරු: තිලිණ ගයාන් මහතා සහ කණ්ඩායම් බාර ආචාර්ය: පී. ආර්. රත්නපාල මහතා


 


අදහස් (0)

ගලහිටියාව - තෝලංගමුව මැදි මහ සටන 21 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.