Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලිට දැඩි අවවාද

කෝලිට දැඩි අවවාද

editorial - 2021 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව බදාදා (14 වැනිදා) චෙන්නායිහිදී පැවැති තරයේදී අයි.පී.එල්. තරගාවලියේ චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලිට තරග තීරක වෙන්ගාලිල් නාරායන් කුට්ටි මහතා තදින් අවවාද කර තිබේ. 

‘තරගයකදී ක්‍රිකට් උපකරණ, ඇඳුම්, ක්‍රීඩාංගණ උපකරණ සහ පිටියේ සවිකිරීම් අනිසි ලෙස භාවිතා කිරීම හෝ ඒවාට හානි කිරීම’ සම්බන්ධයෙන් වන 2.2 වැනි වගන්තිය උල්ලංඝණය කිරීම හේතුවෙන් කෝලිට එරෙහිව චෝදනා ගොනු කර තිබිණ. 

ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ ලකුණු 33 කට දැවී යාමෙන් පසු කෝලිට සිය කෝපය පාලනය කරගත නොහැකි වීම නිසා ඔහු දැන්වීම් පුවරුවකට පයින් ගසන අයුරු මෙන්ම පුටුවක් කඩා දමන අයුරු රූපවාහිනී කැමරාවලට හසුවී තිබිණ. 

මින් පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව 2016 වසරේ පැවැති තරගයකදී ගෞතම් ගම්භීර් විසින් කරනු ලැබූ මෙවැනිම වරදක් හේතුවෙන් සිය තරග ගාස්තුවෙන් 15% ක් දඩ මුදල් වශයෙන් ගෙවීමට ඔහුට සිදුවිය. ඒ අනුව පළමු වැනි පන්තියේ වගන්තියක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්, තීරකවරයාගේ තීන්දුව ඒ අයුරින්ම පවතිනු ඇත. 

-036 


අදහස් (0)

කෝලිට දැඩි අවවාද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.