Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝල්ට්ස් පිලට යුනියන් ඇෂුවරන්ස් අනුග‍්‍රහය

කෝල්ට්ස් පිලට යුනියන් ඇෂුවරන්ස් අනුග‍්‍රහය

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ප‍්‍රධානතම කණ්ඩායමක් වන කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජයට අනුග‍්‍රහය දැක්වීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම ඉදිරිපත්ව සිටියි. එම අනුග‍්‍රහය නිල වශයෙන් පිරිනැමීම පසුගියදා කොල්ලූපිටියේ පිහිටි යුනියන් ඇෂුවරන්ස් ප‍්‍රධාන කාර්යාලයීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි.

කෝල්ට්ස් පිලේ නායකයා ලෙස ජාතික කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරන අතර වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර උප නායකත්වය දරයි. කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, රොෂේන් සිල්වා සහ භානුක රාජපක්‍ෂ යන ප‍්‍රබල ක‍්‍රීඩකයෝ කෝල්ට්ස් පිල නියෝජනය කරති.

අනුග‍්‍රහය පිරිනැමීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ යුනියන් ඇෂුවරන්ස් ආයතනය ශ්‍රී ලංකා ලෝක ශූර ක‍්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් අර්ජුන රණතුංග ඇතුළු හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් රැක බලාගත් ආයතනයක් බවත් එම සමාගම සමග සම්බන්ධවීමට ලැබීම පිළිබඳව සතුටු බව බවත්ය.


යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අළෙවි සාමාන්‍යාධිකාරි රුක්මන් වීරරත්න මහතා විසින් කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජයේ සභාපති නිශාන්ත රණතුංග මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි දර්ශන අමරසිංහ මහතා (වමේ), කෝල්ට්ස් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් කුලසේකර (දකුණේ) ඡයාරූපයේ වෙති.


අදහස් (0)

කෝල්ට්ස් පිලට යුනියන් ඇෂුවරන්ස් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.