Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ උතුර-1 පිලට ලකුණු 164 ක ජයක්

කොළඹ උතුර-1 පිලට ලකුණු 164 ක ජයක්

editorial - 2023 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගම්පහ-2 කලාපයට එරෙහිව ඊයේ (18 වැනිදා) කොළඹ වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුර-1 කලාපය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 309 ක ඉලක්කයක් හඹාගිය ගම්පහ-2 කණ්ඩායමට ඕවර 39.3 ක් අවසානයේ සියලු දෙනා ලබාගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි. එහිදී ලිනාල් සුබසිංහ (79) සහ අවින්ත ද අල්විස් (77) අර්ධ ශතක ලබාගත්හ.


කොළඹ උතුර-1 කලාපය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 308
(ලිනාල් සුබසිංහ 79, අවින්ත ද අල්විස් 77, සනිතු අමරසිංහ 40, උවින් පෙරේරා 27, අෂාන් ඉසිර 26, දහම් නිර්මාල් 15/2)

ගම්පහ-2 කලාපය - ඕවර 39.3 කදී සියලු දෙනා දැවී 144
(දහම් නිර්මාල් 33, ජිනිත ෂෙහාන් 29, දෙනුර දෙමන්සිත් 27, උවින් පෙරේරා 23/2, මුදිත දිසානායක 23/2, සජිත විතානගේ 25/2)

-036

 


අදහස් (0)

කොළඹ උතුර-1 පිලට ලකුණු 164 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.