Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොල්කටා පිලේ බලාපොරොත්තු ඉහළ යයි

කොල්කටා පිලේ බලාපොරොත්තු ඉහළ යයි

editorial - 2021 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීයන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඩුබායිහිදී අද (3 වැනිදා) පැවැති තරගයකදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකරගත් කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩයිම් වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු වැඩිකර ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 51 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 57 ක් රැස්කරමින් කොල්කටා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. නිතිෂ් රානා පන්දු හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් ලබාගත් අතර දිනේෂ් කාර්තික් පන්දු 12 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 18 ක් ලබාගනිමින් කොල්කටා පිලේ ජයග්‍රහණයට දායක වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණි.

නායක කේන් විලියම්සන් ලකුණු 26 ක්, අබ්දුල් සමාද් ලකුණු 25 ක් සහ ප්‍රියාම් ගාර්ග් ලකුණු 21 ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට කොල්කටා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

ටිම් සවුති, වරුන් චක්‍රවර්ති සහ ශිවම් මාවී කඩුලු 2 බැගින් දවාගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 115
(කේන් විලියම්සන් 26, ප්‍රියාම් ගාර්ග් 21, අබ්දුල් සමාද් 25, ටිම් සවුති 26/2, වරුන් චක්‍රවර්ති 26/2, ශිවම් මාවී 29/2)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 119
(ශුබ්මන් ගිල් 57, නිතිෂ් රානා 25, දිනේෂ් කාර්තික් නොදැවී 18, ජේසන් හොල්ඩර් 32/2)


අදහස් (0)

කොල්කටා පිලේ බලාපොරොත්තු ඉහළ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.