Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොල්කටා පිල කඩුලූ 8 කින් ජයගනී

කොල්කටා පිල කඩුලූ 8 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර ඉන්දියාවේ ෆෙරෝස්ශා කෝට්ලා ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.
 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිල නියමිත  ඕවර 20 අවසන් වන විට කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ගෞතම් ගම්භීර් (69) සහ රොබින් උක්තාපා (47) කොල්කටා පිලේ ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

එහිදී නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ගෞතම් ගම්භීර්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 5 දැවී ලකුණු 160 ක් ලබාගත්තේය.

දිල්ලි පිලේ 6 වැනි කඩුල්ල සඳහා පන්දු 25 කදී ලකුණු 55 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට ජේ. පී. ඩුමිනි (නොදැවී 40) සහ කේදර් ජාදව් (නොදැවී 26) සමත්වූහ.

පන්දු 28 කින් වාර්තාවූ ජේ. පී. ඩුමිනිගේ ඉනිමට හයේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 15 කින් වාර්තාවූ කේදර් ජාදව්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.


දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් පිල -  ඕවර 20 කදී කඩුලූ 5 කට 160
(මුරලි විජේ 24, දිනේෂ් කාර්තික් 36, ජේ. පී. ඩුමිනි නොදැවී 40, කේදර් ජාදව් නොදැවී 26)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 2 කට 161
(රොබින් උක්තාපා 47, ගෞතම් ගම්භීර් 69, මනීෂ් පාණ්ඬේ 23, වේන් පනේල් 21/2)

- 036


අදහස් (0)

කොල්කටා පිල කඩුලූ 8 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.