Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මුම්බායි නුවර කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බැවින් අයි.පී.එල්. තරගාවලියේ මීළඟ අදියර නැවත වරක් තර්ජනයට ලක්වී තිබේ. තරගාවලිය මේ මස 9 වැනිදා සිට මැයි 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. කොරෝනා තර්ජනය තිබියදීත් නියමිත පරිදි අයි.පී.එල්. තරගාවලිය පැවැත්විය හැකි වේයයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු සහගතව සිටී.
මුම්බායිහි ප්‍රධානතම ක්‍රීඩාංගණය වන වැන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (2011 දී ලෝක කුසලාන අවසන් මහ තරගය පැවැති ක්‍රීඩාංගණය) සේවකයන් 10 දෙනකු මේ වන විටත් කොවිඩ් ආසාදිතයන් ලෙසින් තහවුරු වී තිබේ. තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් බඳවාගන්නා ලද කළමණාකාරවරුන් 6 දෙනකුටත් කොවිඩ් වයිරසය ආසාදනය වී තිබීමයි.
මේ මස 10 වැනිදා සිට 25 වැනිදා දක්වා මෙම ක්‍රීඩාංගණයේදී අයි.පී.එල්. තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම ක්‍රීඩාංගණයේදී තරග 10 ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන නමුත් තත්ත්වය වඩාත් නරක අතට හැරුණ හොත් විකල්ප ක්‍රීඩාංගණ ලෙසින් ඉන්දෝර් සහ හයිද්‍රාබාද් ක්‍රීඩාංගණ සූදානමින් තබා තිබේ.
මුම්බායි නගරය, අගනුවර වන මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් සිකුරාදා දිනයේ හමුවූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 47,000 ඉක්මවයි. මෙම තත්තවය හමුවේ යම් මට්ටමක අගුළු දැමීමක් කරා යාමට මහාරාෂ්ඨ ප්‍රාන්ත බලධාරීහු සූදානමින් සිටිති.
කොවිඩ් ආසාදිත වූ ක්‍රීඩාංගණ සේවකයන් සංඛ්‍යාව සිකුරාදා සවස සිට සෙනසුරාදා උදෑසන වන විට 10 ක් දක්වා වැඩිවී තිබේ. මෙම සේවකයන් සියලු දෙනාම ඔවුන්ගේ නිවෙස් බලා පිටත්කර යවා ආසන්න ක්‍රීඩාංගණයකින් තවත් සේවකයන් කිහිප දෙනකු ගෙන්වාගෙන තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.