වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ තරගයකදී යුනිලීවර් ශ්‍රී ලංකා පිල පරදවා කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ කණ්ඩායම අද (04 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ රංග කුරේ (නොදැවී 75) සහ අකීල් ඉන්හාම් (51) අර්ධ ශතක ලබාගත් අතර අරුන ඩයස් ලකුණු 26 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
යුනිලීවර් ශ්‍රී ලංකා - ඕවර 35.3 කදී සියලුදෙනා දැවී ලකුණු 164
(දර්ෂණ කළංසූරිය 35, ගිහාන් ද සොයිසා 30, දමින්ද පෙරේරා 24, අරුණ ඩයස් 26/5)
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 32.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 165
(රංග කුරේ නොදැවී 75, අකීල් ඉන්හාම් 51)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.