වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම අද (20 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායමේ කවිඳු කුලසේකර (54) අර්ධ ශතකයක් ලබාගත් අතර ප්‍රමෝද් මදුශාන් ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය. වනිඳු හසරංග (නොදැවී 63) අර්ධ ශතකයක් සහ ළහිරු මදුශංක ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගනිමින් කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායමට ජයග්‍රහණය ලබාදීමට සමත්වූහ.
කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 40.2 කදී සියලුදෙනා දැවී ලකුණු 153
(කවිඳු කුලසේකර 54, අලංකාර අසංක 24, ළහිරු මදුශංක 13/3, වනිඳු හසරංග 26/2, අසිත ප්‍රනාන්දු 27/2)
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 22.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 154
(වනිඳු හසරංග නොදැවී 63, උපුල් තරංග 38, ඉමේෂ් උදයංග 29, ප්‍රමෝද් මදුශාන් 30/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.