
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර වෙලින්ටන් නුරවදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දින වූ අද (11 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව්වෝ කඩුලු 2 ක් දැවී ලකුණු 32 ක් ලබා සිටියහ.
ඒ අනුව කොදෙව් පිල තවත් කඩුලු 8 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 41 ක් පසුපිසින් සිටියි. දෙවැනි දිනය නිමාවට පත්වන විට ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක්ද, කවේම් හොජ් ලකුණු 3 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. කොදෙව් ඉනිමේ මුලු කඩුලු දෙක ලෙස ජෝන් කැම්බල් (14) සහ ඇන්ඩසන් පිලිප් (0) පිටියෙන් ඉවත් කිරීමට මයිකල් රේයි සහ ජෙකොබ් ඩෆී සමත් වුහ.
පළමු දිනය වූ ඊයේ (10 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 24 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම, අද දිනයේදී සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට තවත් ලකුණු 254 ක් එක්කර ගත්තේය. එහිදී ඩෙවොන් කොන්වේ (60) සහ මිචෙල් හැයි (61) නවසීලන්තය වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
එහිදී කොන්වේගේ 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමත්විත වූ අතර හැයිගේ මංගල ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය. ඇන්ඩසන් පිලිප් ලකුණු 70 කට කඩුලු 3 ක්ද, කේමර් රෝච් ලකුණු 43 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් නවසීලන්ත පිතිකරුවන් පීඩනයට පත්කළහ.
කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 205
(ජෝන් කැම්බල් 44, බ්‍රෙන්ඩන් කිං 33, ශායි හෝප් 47, රොස්ටන් චේස් 29, බ්ලෙයාර් තික්නර් 32/4, මයිකල් රේයි 66/3)
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 278
(ඩෙවොන් කොන්වේ 60, කේන් විලියම්සන් 37, ඩර්ලි මිචෙල් 25, මිචෙල් හැයි 61, සකාරි ෆෝල්ක්ස් නොදැවී 23, ඇන්ඩසන් පිලිප් 70/3, කේමර් රෝච් 43/2)
කොදෙව් දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 32
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.